ජගත් විනිසුරන් ඕනෑ නෑ - මානව හිමිකම් කොමසාරිස් රොයිටර් සමඟ කියයි.


උතුරු නැ‍ෙඟනහිර පුරා වසර විසිහයක් සිදුවූවා යැයි කියන යුද අපරාධ පිළිබඳ විමර්ශනයන් සඳහා අන්තර්ජාතික විනිසුරුවරුන් පිළිගත යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිදු බලපෑමක් සිදු නොකරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයියදු අල් හුසේන් කුමරු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

එහෙත් මෙම චෝදනා‍වන් සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ නිදහස් ක්‍රියාදාමයක් අවශ්‍ය බව හෙතෙම අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකාවේ සිවුදින නිල සංචාරය නිමාවට පත් කළ මහකොමසාරිස් අල් හුසේන් කුමරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය ගෙන ඇති ක්‍රියා මාර්ග අගය කළ අතර එම ක්‍රියාමාර්ග තවදුරටත් ව්‍යාප්ත කළ යුතු බව ද කීවේ ය.

2009 වසරේදී හමුදා ජයග්‍රහණය අත්කර ගනිමින් නිමාවූ ගැටුමේදී ද්‍රවිඩ කොටි සහ ශ්‍රී ලංකා හමුදාව යන දෙපාර්ශ්වයෙන් ම යුද සමය තුළ යුද අපරාධ සිදුවන්නට ඇතැයි ද හෙතෙම පවසයි.

ජාත්‍යන්තර විනිසුරුකරුවන් සහිත විශේෂ අධිකරණයක සියලු යුද අපරාධ විමර්ශනය කර විභාග කිරීමට ජාත්‍යන්තරය උත්සාහ ගන්නා බවත් අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා විදේශ මැදිහත්වීමක් අනවශ්‍ය බවටත් මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශ නිසා ම කොමසාරිස්වරයාගේ මෙම සංචාරය සිදු විය.

“අප ශ්‍රී ලංකා රජයට කිසිවකටත් බල කරන්නේ නැතැයි” හුසේන් රොයිටර් සමඟ පැවසීය. “ජනාධිපතිවරයා ඔහුගේ තනතුරේ සිට ඔහුගේ කැමැත්ත ප්‍රකාශ කළා. අප අප‍ෙග් කැමැත්ත ප්‍රකාශ කළා.”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආධාරකරුවන් සහ විදේශ අත පෙවීම් සහිත ශ්‍ර‍ී ලාංකිකයන් එක්සත් ජාතීන්ගේ අභිප්‍රාය වන්නේ හමුදාවට අසාධාරණ ලෙස දඬුවම් කිරීමට බව ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ යුද අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර බලපෑම රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන් ම ‍බෞද්ධ නායකයන් ද ඕනෑම බාහිර මැදිහත්වීමකට විරුද්ධ වූ බව ද පැවසීය.

Share on Google Plus