Triumph මැජික් වයර් බ‍්‍රා සමගින් අසමසම සුවපහසුව අත්විඳගන්න.


ඕනෑම කාන්තාවක් ඇයට සුදුසු බ‍්‍රා වර්ගයක් තෝරාගැනීමේදී දෙවරක් සිතා බලන කරුණක් වන්නේ ඉන් සිය සිරුරට හිමිවන සුවපහසු බව හා සිරුරට මනාව ගැළපේ ද යන්නයි. වයර් යොදාගනිමින් නිර්මාණය වූ බ‍්‍රා මගින් කාන්තා සිරුරට දැනෙන අපහසු බව බොහෝවිට ඔවුන්ට මහත් හිරිහැරයක් බවට පත්වෙයි. බ‍්‍රා තෝරාගැනීමේදී  ඕනෑම කාන්තාවක් සිය සිරුරට මනාව ගැළපෙන හා සිරුරේ ලාලිත්‍යය තවත් ඔප්නංවන විලාසිතාවන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙයි.

කාන්තාවන්ට සමීපතම ඇඟලූම් නිෂ්පාදනයේ නියැලෙන Triumph International වෙතින් හඳුන්වාදෙන මැජික් වයර් බ‍්‍රා මගින් වයර් සහිත බ‍්‍රා මගින් කාන්තා සිරුරට අත්කරදෙන සුවිශේෂී සුවපහසු බව කිසිදු බාධාවකින් තොරව එලෙසින්ම හිමිකරදෙයි. මැජික් වයර් බ‍්‍රා නිර්මාණය කිරීමේදී බ‍්‍රා කප් ඇතුළතට සිලිකන් යොදාගෙන නිර්මාණය කළ වයරයක් පවතින නිසා කාන්තා සිරුරට සුවිශේෂී සැහැල්ලූවක් අත්කරදෙයි.  

මැජික් වයර් බ‍්‍රා නිර්මාණය කිරීමේදී පිටතට නොපෙනෙන සුවිශේෂී රැඳවුම් යොදාගනිමින් නිර්මාණය කර තිබෙන නිසා සිරුරට අතිශය තද ඇඳුමකින් පවා සිරුරේ අනවශ්‍ය මස්පිඬු දැකගැනීමට නොහැකිය. කාන්තාවන්ට ඔවුන්ගේ සිරුරට ගැළපෙන බ‍්‍රා තෝරාගැනීමේදී තවදුරටත් සිරුරට අපහසු බව අත්කරදෙන ඇඳුම් පිළිබඳ තවදුරටත් සැලකිලිමත් වීමට අවශ්‍ය නොවන්නේ, Triumph වෙතින් වෙළඳපලට හඳුන්වාදෙන මැජික් වයර් බ‍්‍රා හේතුවෙනි.

‘‘Triumph Sri Lanka වෙතින් කාන්තාවන්ට පිළිගන්වන නවතම නිර්මාණය වන මැජික් වයර් බ‍්‍රා මෙරට කාන්තාවන් වෙත හඳුන්වාදීමට හැකිවීම පිළිබඳ මා අතිශයින්ම සතුටට පත්වෙනවා. මැජික් වයර් බ‍්‍රා වෙත පසුගියදා ‘Red Dot: Best of the Best 2015 design award’සම්මානය ද හිමිවිය. ඉතාම කෙටි කාලයක් තුළ මෙවැනි නවතම නිර්මාණයන් මෙරට වෙළඳපලට හඳුන්වාදීමට හැකිවීම අප ලැබූ දැවැන්ත ජයග‍්‍රහණයකි.’’ Triumph International සමාගමේ ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව භාර සාමාන්‍යාධිකාරි ශලින්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පැවසුවේය.
මැජික් වයර් බ‍්‍රා මගින් කාන්තා සිරුරට ආකර්ශණීය පෙනුමක් හිමිකරදීමට සමත් අද්විතීය නිෂ්පාදන පෙළක් මෙරට කාන්තාවන් වෙත හඳුන්වා දී ඇත. ලේස් යොදාගනිමින් විවිධ ආකර්ශණීය හැඩයෙන් යුතුව සියුම්ව නිර්මාණය කර තිබෙන මැජික් වයර් බ‍්‍රා නවතම වර්ණ ගණනාවකින් තෝරගැනීමේ අවස්ථාව ද කාන්තාවන්ට හිමිවී ඇත. මීට අමතරව කාන්තා සිරුරට අසමසම ආකර්ශණීයත්වය හා සුවපහසුව අත්කරදීමට සමත් සුවිශේෂී විවරයක් ද මැජික් වයර් බ‍්‍රා සතුය.  

ඔරසමපචය මගින් හඳුන්වාදී තිබෙන මැජික් වයර් බ‍්‍රා මගින් කාන්තාවන්ට සුවිශේෂී සුවපහසුවක් අත්කරදෙන අතර කාන්තා සිරුරට මනාව ගැළපෙන නිර්මාණයක් ලෙස ද මෙය නම්කළ හැකිය. සුමුදු ෆැබ්රික් යොදාගනිමින් මැජික් වයර් බ‍්‍රා නිර්මාණය වී තිබෙන අතර නිසැකවම මෙමගින් කාන්තා සිරුරට සැහැල්ලූ බව මෙන්ම  ආරක්ෂාව ද හිමිකරදෙයි. සැබැවින්ම, මැජික් වයර් බ‍්‍රා යනු කාන්තා ලාලිත්‍යය ඔප්නංවමින් කාන්තා උඩුකයට ආකර්ශණීය පෙනුමක් හිමිකරදීමට සමත් සුවිශේෂී නිර්මාණයකි. මැජික් වයර් බ‍්‍රා විලාසිතා බී‍්‍රෆ් සමග ද එකිනෙක වර්ණ හා ගළපාගැනීමට හැකිවීමද විශේෂත්වයකි.  

මැජස්ටික් සිටි, ලිබර්ටි ප්ලාසා, ක්‍රෙස්කැට්, ඇල්ෆ‍්‍රඞ් හවුස් ගාර්ඩන්ස්, කැන්ඩි සිටි සෙන්ටර්, මොරටුව - කේ සෝන්, කපුවත්ත - කේ සෝන් හා දිවයින පුරා පිහිටි  සියලූම විලාසිතා අලෙවි නියෝජිත ස්ථානයන්ගෙන් නවතම ඔරසමපචය මැජික් වයර් බ‍්‍රා මාදිලි පෙළ මිලදීගත හැකිය.

Share on Google Plus