සිංගර් විස්ටා විශ්මිත රුපවාහිනිය වෙළඳපලට.



ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන රූපවාහිනි සන්නාමය වන සිංගර් වෙතින්, සිංගර් විස්ටා නමින් අති නවීන තාක්ෂණයෙන් හා ජාත්‍යන්තර තත්ත්වයෙන් යුත් නවතම රූපවාහිනි මාදිලි පෙළක් තම පාරිභෝගිකයන් වෙත හ`දුන්වාදෙන ලදී. ස්මාර්ට් ටීවී අතරට එක් කළ මෙම නවතම නිෂ්පාදන පෙළ 2016 පෙබරවාරි 19වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී ඉතාමත් උත්කර්ෂවත් ලෙස අනාවරණය කෙරිණි.

වර්තමානයේ වැඩිපුරම භාවිතාවන ස්මාර්ට් තාක්ෂණයෙන් සපිරි සිංගර් විස්ටා සතු සුවිශේෂත්වය නම් පරිගණකයක් හා සමාන වන භාවිතයයි. ලොව සුපතල සන්නාමයන් විසින් පෙර හ`දුන්වාදෙනු ලැබූ මෙම අති නවීන ස්මාර්ට් තාක්ෂණයෙන් යුත් රූපවාහිනි හා තරග කළ හැකි සිංගර් විස්ටා, දැරිය හැකි මිලක් සමග අසමසම සිංගර් වගකීමකින් හා අලෙවියෙන් පසු සේවාවන්ගෙන්ද යුක්ත ස්මාර්ට් ටීවී අත්දැකීමකි.

සිංගර් විස්ටා ස`දහා පමණක් සුවිශේෂි වූ විස්ටා ලයිෆ් ඇප් එක මගින් ප්‍රේක්ෂකයාට රූපවාහිනියෙන් ඔබ්බට ගිය අත්දැකීමක් ලබාදෙන අතර ඔවුන්ට තම රූපවාහිනිය භාවිතා කරමින් අන්තර් ජාලයේ සැරිසැරීමට මෙන්ම විස්ටා පරිගණක ක්‍රීඩාවන් කිරීමට, වයිබර් හෝ ස්කයිප් භාවිතා කරමින් චැට් කිරීමට, වීඞීයෝ ඇමතුම් ගැනීමට, ගීත හා වීඩියෝපට නැරඹීම හෝ භාගත කිරීමට, පුවත් කෙටි පණිවඩ සේවාවන් ස`දහා, රසවත් ආහාර සකසන කරම හා ශ්‍රී ලංකාවේ දින දර්ශනය ඇතුළු ඔබට අවශ්‍ය සේවාවන් රැසක් අත්වි`දිය හැකියි.

එමෙන්ම පාරිභෝගික අදහස් දැනගැනීම මෙන්ම තවත් ආකර්ෂණීය භාවිතයන් රැසක්ද නොබෝ කලකින් විස්ටා ලයිෆ් ඇප් එකට එකතු කිරීමටද නියමිතයි.

සිංගර් විස්ටා රූපවාහිනී මාදිලි පෙළ පාරිභෝගික රුචිකත්වය පරිදි අ`ගල් 32 සිට අ`ගල් 65 දක්වා ප්‍රමාණ වලින් මෙන්ම ස්ලිම්, ෆ්ලැට් ස්ක්‍රීන්, කර්ව් ස්ක්‍රීන් ඇතුළු මාදිලිවලින් ලබාගත හැකියි.

හාමන් කාමන් ශබ්ද පද්ධතියෙන්හා 4K රූප ප්‍රමිතියෙන් සමන්විත නවතම විස්ටා UHD (Ultra High Definition) තාක්ෂණයෙන් ද යුක්තයි.

Share on Google Plus