මෛත්‍රී - රනිල්, මහින්ද - ශිරන්ති අත්අඩංගුවට නොගන්න ප්‍රතිපත්තියක.


ශිරන්ති රාජපක්ෂ මහත්මිය කාන්තාවක් නිසාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට නොගන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් ප්‍රතිපත්මය තීරණයක් ගෙන ඇති බව හෙළිදරුව් වන්නේ යැයි පසුගිය සතිඅන්තයේ පුවත්පත් ගණනාවක් වාර්තා කර තිබුණි.

රාජපක්ෂ පවුලේ අය අත්අඩංගුවට ගන්නේ දේශපාල පලිගැනීම් ලෙස යැයි යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත් පසු වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු පවා කියා තිබූ අතර පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදී ඒ සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නකිරීම් කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහත හෙළිදරුව්ව සිදුව තිබුණි.
"මට ආරංචි දැන් හැමතැනම කට්ටිය කිය කිය යනවා කියලා මේවා දේශපාලන පලි ගැනීම් කියලා. මගේ උවමනාවට මේවා කරනවා කියලා. හැබැයි එකක් මම පැහැදිලිව කියන්න ඕන. මේ පරීක්ෂණවලට මම කිසිම ඇගිලි ගැහීමක් කරන්නේ නැහැ.

ශිරන්තිගේ ප්‍රශ්නේ ආපු වෙලාවේ මම ඒ ගැන හොයලා බැලුවා. එතකොට මට දැන ගන්න ලැබුණා ඒ චෝදනාව බරපතලයි කියලා අත්අඩංගුවට ගත්තොත් ඇපවත් දෙන්න බැරි වෙයි කියලා මම දැන ගත්තා. හැබැයි එතුමිය කාන්තාවක් නිසාත් අපි කතා කරලා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. එතුමියවත් හිටපු ජනාධිපතිතුමාවත් අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා. 

එතනින් එහාට තෝර තෝරා මේ පරීක්ෂණ අපිට කරන්න බැහැ." යැයි වැඩිදුරටත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

Share on Google Plus