ශිරන්තිගේ වාරය අද.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (01) පෙනී සිටීමට නියමිතයි. එ් ඉකුත් සමයේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය උපදේශකවරයෙකු ලෙස සිටි පුද්ගලයෙකුට නියමිත තක්සේරුවෙන් පරිබාහිරව නිවසක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි.

දේශපාලන ආරංචි පැවසුවේ කහතුඩුවේ පිහිටි රුපියල් ලක්ෂ 55ක් වටිනා මෙම නිවස රුපියල් ලක්ෂ 5කට ඔහුට ලබාදී ඇති බවයි.

අදාළ නිවස ලබාදෙන ලෙසට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ශිරන්ති රාජපක්ෂ මහත්මිය නියෝගයක් ලබාදී ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


Share on Google Plus