යෝෂිත රිමාන්ඞ්වීමෙන් ජනතා අනුකම්පාව ගන්න හදනවා.


මහ මැතිවරණයෙන් ප‍්‍රතික්ෂේප වූ ඒකාබද්ධ විපක්ෂය ජනතාව ඉදිරියට යන්න මාතෘකාවක් නොමැතිව අද යෝෂිත රාජපක්ෂ මහතා බන්ධනාගාර ගතවීම ගැන මහින්ද රාජපක්ෂ මතා හෙළන කඳුළු වලින් ජනතා අනුකම්පාව ලබාගන්න උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්.මරික්කාර් මහතා පැවැසීය.

ඒ මහතා එසේ කීවේ පසුගියදා කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන කා ර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

රටේ පවතින නීතිය අනුව රාජ්‍ය දේපළ අවභාවිතය දඬුවම් ලැබිය යුතු වරදක් බවද තමා සන්තකයේ තිබෙන මුදල් කාගෙන්ද, කුමන හේතුවක් මතද, ලැබුණේ යන්න ඒවා තැන්පත් කොට තබන ස්ථාන වලට අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතු වන අතර යෝෂිත රාජපක්ෂ මහතා සතු රුපියල් මිලියන ගණනක ධනය සම්බන්ධයෙන් අදාළ තොරතුරු එසේ ලබා නොදීම මෙම ගැටලූවට ප‍්‍රධානම හේතුව බවද කීය.

මෙය කාගේවත් පළිගැනීමක් ලෙස කළ දෙයක් නොවන අතර වසරකට අධික කාලයක පටන් පොලිසිය විසින් කරන ලද පරීක්ෂණ වලදී හෙළිවූ තොරතුරු මත ගන්නා ලද නීතිමය පියවරක් බවද, ඒකාබද්ධ විපක්ෂය මොනවා කීවත් මෙහි වරද නිවරදි තීරණය කිරීම අධිකරණයේ වගකීම වන බවද ‍හෙතෙම කීය.

Share on Google Plus