සංගා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට.


සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පාකිස්තානු කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස එක්කර ගැනීම කෙරෙහි පාකිස්තානු කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

සංගක්කාර මෙවර පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට කී‍්‍රඩා කළ අතර ඔහු නියෝජනය කළ ග්ලැඩියේඩර්ස් කණ්ඩායම අවසන් මහා තරගයටද සුදුසුකම් ලබා ගත්තා. 

පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති ෂර්යාර් ඛාන් පැවසුවේ එම තරගාවලියේදී සංගක්කාර පිළිබඳ පාකිස්තානු කී‍්‍රඩකයින් දැඩි සැලකිල්ලක් දැක් වූ බවයි.

සංගක්කාරගේ කි‍්‍රකට් පිළිබඳ දැනුම, සිය ජාතික කණ්ඩායමට එක්කර ගැනීම සඳහා උපරිමව කටයුතු කරන බවයි පාකිස්තානු කි‍්‍රකට් සභාපතිවරයා පැවසුවේ.

ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා කුමාර් සංගක්කාර පාකිස්තානු කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත්කර ගැනීමටයි යෝජනා වී ඇත්තේ.

කොදෙව් හිටපු කී‍්‍රඩක ශී‍්‍රමත් විවියන් රිචර්ඞ්ස්ද එම තනතුර සඳහා මීට පෙර යෝජනා කෙරුණත් එය අසාර්ථක වුණා.

Share on Google Plus