‘Ride with Style’ 5 වැනි අදියර ඇරඹේ.


පාරිභෝගික රුචි අරුචිකම් මනාව හඳුනාමින් ඔවුනට  ජාත්‍යන්තර තලයේ නවතම විලාසිතා අත්දැකීමක් ගෙන දීමට කැපවන NOLIMIT සිය ව්‍යාපාර අත්දැකීම් හා ජනප්‍රියම සන්නාම සම`ග එක්වෙමින් පාරිභෝගික වටිනාකම් අරුත්ගන්වන්නට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.


එහි සුවිසල් අවස්ථාවක් වනුයේ පිරිමි ඇඳුම් සඳහා වන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘deedat’ සම`ගින් එක්ව දැවැන්ත පාරිභෝගික අත්දැකීමක් සහ ආවරණයක් තුළින් වාර්ෂිකව දියත් කරනු ලබන ‘Ride with Style’ ප්‍රවර්ධන වැඩසටහනයි.

සිය හිතවත් පාරිභෝගිකයන් අගයමින් ඔවුන්ට ත්‍යාග පිරිනමනු වස්
මෙවර එම වැඩසටහන වැල්ලවත්ත NOLIMIT - imageහිදී ආරම්භය සනිටුහන් කරනු ලැබුවේ ඉතා ආකර්ෂණීය අයුරිනි.


2011 වසරේදී ප්‍රථම වරට හඳුන්වාදෙනු ලැබූ ‘deedat’ - ‘Ride with Style’ සුවිසල් පාරිභෝගික ආකර්ෂණයක් සම`ගින් මේ වන විට අති සාර්ථක 5 වැනි අදියර දක්වා පැමිණ ඇත. 


ඒ අනුව පෙබරවාරි 10 වනදා සිට මාර්තු 20 වනදා දක්වා රුපියල් 3000ක හෝ ඊට වැඩි වටිනාකමින් යුත් නිෂ්පාදන දිවයින පුරා පිහිටි NOLIMIT හෝ Glitz අලෙවිසැල් වලින් මිලදී ගන්නා පාරිභෝගිකයන්
හට මෙම මහ`ගු අවස්ථාව සඳහා සුදුසුකම් ලබමින් අවසන් මහා දිනුම් ඇදීමෙන් Yamaha FZ 2.0 යතුරු පැදි දිනා ගන්නා වාසනාවන්තයන් 5 දෙනා අතරට එක්විය හැකිය.


මෙම වසරේ ප්‍රවර්ධන වැඩසටහන තුළින් අවසන් ජයග්‍රාහකයන් වෙත ප්‍රදානය කරනු ලබන ශ්ප්ය් යතුරු පැදි නිළ වශයෙන් එළිදැක්වීම පසුගියදා වැල්ලවත්ත NOLIMIT- image ප්‍රදර්ශනාගාරයේදී ඉතා
උත්සවාකාරයෙන් පැවැත්වුණු අතර ඒ සඳහා සම්භාවනීය අමුත්තන්, මාධ්‍යවේදීන්, පාරිභෝගිකයන් මෙන්ම ආයතනික සාමාජිකයන්ද එක්ව සිටියහ.

‘deedat’’ සන්නාමයෙහි විශිෂ්ටත්වය කොළඹ නගරය පුරා ප්‍රරදර්ශනය කළ යතුරු පැදිකරුවන්ගේ ආගමනයත් සම`ග එම වැඩසටහනෙහි උත්කර්ෂවත් අවස්ථාව සනිටුහන් විය. 


එම හඳුන්වාදීමෙන් අනතුරුව ‘deedat’ ධජය සිය අතහි දරාගත් යතුරු පැදිකරුවන් ආකර්ෂණීය යතුරුපැදි රැළියක් මගින් කොළඹ නගරයේ NOLIMIT හා ‘deedat’ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව තව දුරටත් ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරනු ලැබූහ. 

කොළඹ පැවති එම ප්‍රධාන යතුරුපැදි රැලියට සමගාමීව මීගමුව, කුරුණෑගල, නුවර, කෑගල්ල, රත්නපුර යන නගරයන්හි NOLIMIT හා Glitz  ප්‍රදර්ශනාගාර පදනම් කර ගනිමින් තවත් කුඩා රැලි කිහිපයක් පැවැත්විණ.








Share on Google Plus