පිරිමි හොකී කණ්ඩායමට වාරණයක්.


ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායමට අධිකරණ වාරණ නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

ඒ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම වලක්වමින්ය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා හොකී සම්මේලනය තවදුරටත් දූෂණයන්ගේ සමන්විත එකක් බව එහි  හිටපු ක්‍රිඩකයින් මෙන්ම ජාත්‍යන්තර විනිසුරුවන් ද පෙන්වා දෙයි.

හොකී ක්‍රිඩක දිලුක වීරසූරිය පවසන්නේ වසර ගණනාවක් හොකී සම්මේලනය පාලනය නිළධාරීන් පිරිසක් වත්මන් ක්‍රිඩා අමාත්‍යවරයාව ද නොමග යවා ඇති බවයි.

කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්මෙින් ඔහු පැවසුවේ ඔවුන් විසින් තම පෞද්ගලික අවශ්‍යතා මත ක්‍රිඩකයින් තෝරාගත් බවයි.

එමෙන්ම පළාත් කණ්ඩායමට තරග කිරීමටවත් සුදුසුකම් නැති ක්‍රිඩකයින් කිහිප දෙනෙකු කණ්ඩායමට තෝරා ගෙන අති බව ද ඔහු අනාවරණය කලේය.

තමාව තොරා ගැනීම් පටිපාටියෙන් තොරව ශාරීරික යෝග්‍යතාව  අසමත් බව පවසමින් කණ්ඩායමෙන් ඉවත්කල බව ද පැවසීය.

මෙවැනි කරුණු කාරණා ගණනාවක් හේතුවෙන් තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව පැවසූ ඔහු කියා සිටියේ  පවතින මෙම තත්ත්වය තුළ දක්ෂකා සහිත ක්‍රිඩකියින් මෙරටට අහිමිවන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ පරිපාලන පිළිබද පවතින අධිකරණමය කටයුත්තක් හේතුවෙන් මේ වන එම සම්මේලනය පාලනය වන්නේ ක්‍රිඩා අමාත්‍යංශය යටතේය.

එබැවින් හිටපු සහ අවසන් වරට නිළවරණයකින් තේරීපත් වූ නිළධාරින්  දෙපාර්ශවයට එක්ව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රිඩකයින් සහ පුහුණුකරුවන්  තෝරා ගන්නා  ලෙස ක්‍රිඩා අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

Share on Google Plus