යෝෂිත නාවික හමුදාවෙන් දොට්ට.


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ නාවික හමුදා සේවය තාවකාලිකව අත්හිටවූ බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි මහතා පැවැසීය.

ඊයේ (28දා) සිට ක්‍රියාත්මක වන පිරිදි ඔහුගේ සේවය අත්හිටුවූ බවත් ඒ අනුව නාවික හමුදාවේ වැටුප් හා දීමානාද ඔහුට අහිමිවන බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය.

මුදල් විශුද්ධීකරණය ඇතුළු චෝදනා කිහිපයක් කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන යෝෂිතගේ පරීක්ෂණ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් කරලු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ අනුව යෝෂිතගේ සේවය අත්හිටවූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.


Powered by Blogger.