වැහිච්ච අසුබ පක්ෂ මුලස්ථානෙකට මහින්ද හෙට එනවා : Exclusive


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු පිළිබඳ කාර්යාලය බත්තරමුල්ලේදී හෙට(12) විවෘත කිරීමට නියමිත බවට වාර්තා වේ.

කෙසේ නමුත් අදාල කාර්යාලය විවෘත වන්නේ මිට පෙර විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ කාර්යාලය පිහිටි බත්තරමුල්ලේ ජයන්ති පුර,නෙළුම් මාවතේදී ය.

කෙසේ නමුත් විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ කාර්යාලය මෙම ස්ථානයෙන් ඉවත් කර ඇත්තේ ජෝතිර්වේදී උපදෙසක් හේතුවෙනි.

මහින්දගේ නව පක්ෂයට ද මේ හේතුවෙන් කන කොකා හඬයි ද යන්න ඉදිරියේදී දැක බලාගත හැකි බව මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ ජෝතිර්වේදියෙකු පැවසීය.

හෙට පෙරවරු 9.00ට සිදු කෙරෙන මෙම විවෘත කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ද එක්වීමට නියමිතය.


Share on Google Plus