මහින්දගේ නම මකන්න රනිල් අකමැති වෙයි.


හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනය ඇතුළුව පසුගිය ආණ්ඩු සමයේ කරන ලද ඉදිකිරීම් වල ඇති මහින්ද රාජපක්ෂ යන නාමය ඉවත් කරන ලෙස යෝජනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා වෙත ඉදිරිපත්ව තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක් විසිනි.

ඊට ප්‍ර‍තිචාර දක්වා ඇති අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තෙ, මහජන මුදලින් ඉදිකළ කිසිදු ඉදිකිරීමකට, ජේ.ආර් ජයවර්ධන, ඩී.බී විජේතුංග හිටපු ජනාධිපතිවරුන් හෝ තමා කිසිවිටෙකත් තමතමන්ගේ නාමයන් භාවිත කර නැති බවය. එහිදී අග්‍රාමාත්‍යවරයා අදාල ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කර තිබෙනවා.


Powered by Blogger.