අවසන් සාකච්ඡාව සාර්ථකයි : අලුත් පක්‌ෂය ස්‌ථිරයි.


ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රීලනිපයෙන් ආණ්‌ඩුවට එක්‌ව සිටින මන්ත්‍රීවරුන් එක්‌ව පිsහිටුවීමට නියමිත අලුත් පක්‍ෂය පිළිබඳ අවසන් සාකච්ඡාව ඊයේ (8 දා) රාත්‍රියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිහානේ පිහිටි රාජපක්‍ෂ මහතාගේ නිවසේදී පැවැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ වාර්තා වේ. 

මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දැනට පාර්ලිමේන්තුවේ සිටින හා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් විශාල පිරිසක්‌ සහභාගි වී ඇති බවද වාර්තා වේ.

නව පක්‍ෂයේ ලාංඡනය හා පක්‍ෂ කාර්යාලයේ ලිපිනය මෙන්ම නව විපක්‍ෂයේ නිලධාරි මණ්‌ඩලය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවසන් එකඟතාවන් ඇති කර ගත් බවද පක්‍ෂයේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතා භාරගත යුතු බව සාකච්ඡාවට සහභාගි වූ සියලු දෙනාගේ ඒකමතික තීරණය වූ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

නව පක්‍ෂය ඉදිරි දෙසතිය තුළ ලියාපදිංචි කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ ස්‌වාධීන පක්‍ෂයක්‌ ලෙස පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳ කථානායකවරයාගේ තීන්දුව අද (09 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමට නියමිතය.

ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ වෙනම පක්‍ෂයක්‌ ලෙස පිළිගන්නා ලෙසට මීට සති දෙකකට පෙර කථානායකවරයාට ලිතව ඉල්ලීමක්‌ කළ බව රත්නපුර දිස්‌ත්‍රික්‌ එජනිස මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කීවේය.

මේ පිළිබඳ තම තීන්දුව අද පාර්ලිමේන්තුවේදී ලබා දෙන බවට කථානායක කරු ජයසූරිය මහතා පොරොන්දු වූ බව කී රංජිත් සොයිසා මහතා පක්‍ෂග්‍රාහී නොවී කථානායකවරයා විසින් නිවැරැදි තීන්දුවක්‌ දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද කීවේය.


ස්‌වාධීන මන්ත්‍රීවරුන් ලෙස විපක්‍ෂයේ අසුන් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු 52 ක්‌ සූදානමින් සිටින බවද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

Share on Google Plus