මහින්දගේ පක්ෂයට චමල් එරෙහිවෙයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට ගනු ලබන කවර ක්‍රියාමාර්ගයකට වුවද තමා එකහෙලා විරුද්ධවන බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ඇති චමල් රාජපක්ෂ මහතා සිය ස්ථාවරය එසේ හෙළිකර ඇත.

ආණ්ඩුවට සහය ලබා දෙන බවට සහතික වී ඇති චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, හම්බන්තොට දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේ සම සභාපතිත්වය බාර ගැනීමට ද එකඟවී ඇත.

මේ අතර ගාල්ල දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේ සම සභාපතිවය බාර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීත කුමාරසිංහ මහත්මිය ද එකඟත්වය පළකර තිබේ.

Share on Google Plus