මහින්ද අභියෝගයක් නොවේ


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම වෙනත් පක්ෂයකින් එලැඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුවද එය අභියෝගයක් නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. පක්ෂයේ වැඩබලන මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය මේවන විට ශක්තිමත් බවයි. 

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරගවැදීමේ අපේක්ෂාවෙන් විශාල පිරිසක් දැනටමත් අයදුම්පත් යොමු කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියා. අභියෝග ජය ගනිමින් ඉදිරියට පැමිණි තම පක්ෂයට පළාත් පාලන මැතිවරණය ජය ගැනීම අසීරු නොවන බවයි ඔහු මාධ්‍ය වෙත වැඩිදුරටත් කියා සිටියේ. 

මේ අතර කොළඹදී ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ රටේ ප්‍රශ්නවලට විසදුම් ලබාදිය හැකි එකම බලවේගය මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂය බවයි. 

Share on Google Plus