මහින්ද කළ වැරදි පිළිගනී.


යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත්තේ තම පාලන සමයේදීම ගෙන ආ නීති ප‍්‍රතිපාදන යටතේම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහනුවරදී ඊයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. 

"යෝෂිතලගේ නඩුව දාලා තියෙන්නේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ. එම පනත ගේන්න හේතු වුණේ ත්‍රස්තවාදී මුදල් ලංකාවේ ඇවිල්ල ආයෝජනය කරයි කියන බියට. ඒකේ තියෙනවා තවත් කරුණු 7ක්. එකක් තමයි ආයුධ, ඩ්‍රග්ස් සහ වයස 16ට අඩු දරුවෝ ගණිකා වෘත්තියට යොදවලා හම්බු කරපු මුදල්. මේ අයට චෝදනා කරලා තියෙන්නේ ඒ පනතෙන්. ඒ කියන්නේ CSN එක මෙච්චර කලක් කරලා තියෙන්නේ කුඩු විකුණන එක මාධ්‍ය නෙමෙයි. ඉතිං මේ පනත ගෙනාවේ ත්‍රස්තවාවාදය වළක්වන්න. පනතත් ගෙනල්ල ත්‍රස්තවාවාදයත් නැති කරපු එකම මිනිහගේ පුතාට ඒ පනතෙන්ම දාපු එක තමයි යහපාලනය කියන්නේ".

අතීතයේ කළ වැරදි තමන්ට තවමත් සිහිපත් වන බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිිටියේ.

"ප්‍රේමදාස මහත්තයාගේ දුව හොර සල්ලි ගහලා අතට අහුවෙලා ඉන්නකොට එදා මම කිව්වේ ප්‍රේමදාස මහත්තයා රටට කළ දේ ගැන කල්පනා කරලා වැඩ කරන්න කියලයි. ජනාධිපතිවරයගේ පුතා එදා පාසිකුඩාවෙදි ප්‍රශ්ණයක් ඇතිකරගත්තම මම නිහඬව හිටියා. ඉතිං ඒ වගේ සිද්ධි වෙනවා. ඒවා තමයි මම කරපු වැරදි. මම දැන් කල්පනා කරනවා මම කරපු වැරදි මේවා තමයි කියලා".


Share on Google Plus