මීතොටමුල්ල කුණු අවුල.


කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඇති කුණු කන්දේ උස අඩි 300ක් බවත්, එහි කුණු ටොන් මිලියන 23.5ක් ඇති බවත්, තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.

ඔහු මේ බව හෙළිකරනු ලැබුවේ ඊයේ (24) පාර්ලිමෙන්තුවේදීය.

එසේම අදාළ කුණු කන්දට තවමත් දිනකට කුණු ටොන් 300ක් එකවන බවද පැවසූ ඔහු මේ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ ළිං 150ක් වැසී ගොස් ඇති බවද සඳහන් කළේය.

මේ කුණු කන්ද හේතුවෙන් භූගත ජලය විනාශව ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

කුණු කන්දට තවත් කුණු එකතු කිරීම නතරකරන ලෙසද අමාත්‍යවරයයා ඉල්ලීක් කළේය.

මේ සම්න්ධයෙන් පළිතුරු දුන් මෙගා පොලිස් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේ කුණු දැමීම එක් අමාත්‍යංශයකට පමණක් නතර කළ හැකි දෙයක් නොවන බවයි.

එහිදී එයට ප්‍රතිඋත්තර දෙමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කියා සිටියේ කුණු කන්ද ඉවත් නොකර, ගං වතුරට උත්තර නොමැතිව මෙගා පොලිස් සංවර්ධනවලින් වැඩක් නොමැති බවයි.

Share on Google Plus