MR Era එක ගැන නීතිපති ළඟ හිරවූ ලිපි ගොණු මෙන්න.


පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සිදු කර ඇති විමර්ශනවලට අදාළව නඩු ගොනු කිරීමට අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් එම ලිපිගොනුවලින් කිහිපයක් හැර අනෙක් ලිපිගෙනු පිළිබඳව නීතිපතිවරයා විසින් කිසිඳු තීරණයක් ලබා නොදී පමා කරමින් තිබෙන බවට පසුගිය දිනවල චෝදනා එල්ල වූ අතර එසේ නීතිපතිවරයාගේ තීරණ ලබා ගැනීම සඳහා යොමු කර ඇති ලිපි ගොනු පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන්කරන පරිදි මෙසේ ය.

01. සංචාරක අමාත්‍යාංශයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය තුළ සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී රුපියල් ලක්ෂ 57ක මුදලක් සාවද්‍ය පරිහරණය කර ඇති බවට අනාවරණය වී තිබේ. එම කාර්යාංශයේ හිටපු සභාපති භාශ්වර සේනාංක ගුණතිලක, ඩී.එස්. ජයවීර යන අයට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

02. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ "යලි පුබුදමු" ව්‍යාපෘතියේ සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ හා ලියනගේ නැමති නිලධාරියා ඇතුළු ව්‍යාපෘති නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

03. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නැවත රජයට පවරාගැනීමේදී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතාට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

04. රජයේ මුදල් ලක්ෂ 48ක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති රාජ ද එදිරිසූරිය මහතාට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

05. ඉංජිනේරු අමාත්‍යාංශයේ දින දර්ශන මුද්‍රණය කිරීමේදී රුපියල් මිලියන 14කට අධික මුදලක් ටෙන්ඩර් ක්‍රියාවලිය උල්ලංගනය කරමින් ලබා දීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංස, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.එච්. විමලසිරි යන අයට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

06. හිටපු අමාත්‍ය විමල් වීරවංස බිරිඳ ශෂී වීරවංස විසින් රුපියල් මිලියන 306ක ඉඩම් අත්පත්කරගැනීම්වලට අදාළව අනුබලදීම යන චෝදනාව යටතේ විමල් වීරවංසට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

07. මිල්කෝ සමාගමේ රුපියල් කෝටි 600කට අදාළව සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් එම සමාගමට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

08. දිවිනැගුම මුදල් රුපියල් මිලියන දෙදහස් නවසිය අනූවක් (රු.මි. 2990) යොදාගනිමින් සුදු කළ ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ. රණවක යන අයට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

09. 2014 වසරේදී දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ජාතික සම්මේලනයක් පැවැත්වීම සඳහා භාණ්ඩාගාර අනුමැතියකින් තොරව රුපියල් මිලියන 63.7ක මුදලක් භාවිතා කිරීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුව සාවද්‍ය මුදල් පරිහරණය යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ. රණවක යන අයට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

10. 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් නැවත පුණරුත්තාපනය කිරීමේ පනත යටතේ සෙලිංකෝ හෙලස්මියර් ව්‍යාපෘතිය රජයට පවරාගෙන සිංක් ලංකා හොටෙල් ව්‍යාපෘතිය මගින් කැබිනට් මණ්ඩලයට හා රජයේ අනිකුත් ආයතන මුලාවේ දැමීම හා මුදල් අවභාවිතාවේ යෙදවීම යන චෝදනා යටතේ ගාමිනී සෙනරත්, කුඩා බාලගේ ජිනදාස, නීල් බණ්ඩාර (වත්මන් නීතිය හා සාමය අමාත්‍යාංශයේ), අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

11. වරාය අධිකාරියට අයත් බවට සැකකෙරෙන ඇමරිකන් ඩොලර් 15000ක් හෙවත් එවකට රුපියල් මිලියන 19.4ක මුදල් මහජන බැංකු මූලස්ථාන ශාකාවේ පුෂ්පා රාජපක්ෂ පදනමේ ගිණුමට බැරකර රජයේ මුදල් අවභාවිතාවේ යෙදවීම යන චෝදනාව යටතේ පුෂ්පා රාජපක්ෂ (බැසිල් රාජපක්ෂ බිරිඳ), මහේන්ද්‍ර ප්‍රභාත් රාජසිංහ, එන්.බී. නන්දසිරි යාපා හා මනාබරන වනිගසේකර යන අයට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

12. පෑලියගොඩ මාළු වෙළෙඳ සැලට ආරක්ෂකයන් යෙදවීමේදී සිදු කර ඇති රුපියල් එක්කෝටී හැත්තෑපන් ලක්ෂ අනූදෙදහස් නවසිය තුනක (රු. 17,592,903) මුදලක් සාවද්‍ය පරිහරණය යන චෝදනාව යටතේ හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රණාන්දුට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. (නගරාධිපතිට අයත් පුද්ගලික ආරක්ෂයකයන් සපයන සමාගමකින් ව්‍යජ නම් යොදා මුදල් ලබාගැනීම)

13. වී අළෙවි මණ්ඩලයේ සභාපති කේ.බී. ජයසිංහ මහතා විසින්, වි අළෙවි මණ්ඩලයේ ලියාපදිංචි නොකරණ ලද  හා අසාදු ලේඛනගත වී මෝල් හිමියන්ගේ නම් ඉදිරිපත් කර අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියෙන් පරිබාහිරව වී අලෙවි මණ්ඩලය මගින් රුපියල් විසිඅටලක්ෂ විසිඑක්දහස් පන්සිය තිස් අටක් (රු. 2821538) වී මෝල් හිමියන්ට ලබා දී එම වීවලට අදාළ මුදල් හෝ සහල් රජයට නොලැබීම යන චෝදනාව යටතේ එස්.කේ.පී. නූර් මොහොමඩ් රාෆික් ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

14. ක්‍රීඩා අමාත්‍යාංශයට ලංකා සතොස මගින් රුපියල් මිලියන 39ක් වටිනා කැරම් බෝඩ් හා දාම් බෝඩ් දාහතරදාහක් ආනයනය කර එම ද්‍රව්‍ය 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් බෙදා හරිමින් සාපරාධි ද්‍රව්‍ය පරිහරණය කිරීම,

15. 2014 වර්ෂයේ ඌව පළාත් සභා මැතිවරණයටත් 2015 ජනාධිපතිවරණයටත් අදාළව වරාය සේවකයන් 573ක් දේශපාලන කටයුතු සඳහා පූර්ණකාලීනව රැකියාවෙන් මුදාහැර වැටුප් හා අතිකාල දීමනා ලබාදී මූල්‍ය වංචාවක නිරත වීම යන 14 සහ 15 චෝදනාවලට අදාලව සතොස සභාපති, සතොස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩිය නන්ද මල්ලවආරච්චි හි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

16. 2014 දෙසැම්බර් මාසයේ පහළ ගිරිඋල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීමට යැයි පවසා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් හැට එක් ලක්ෂ හතලිස් හයදහස් එකසිය දහයක (රු. 6,146,110) මුදලක් ලබාගෙන එම මුදලින් වියලි සලාක මිලදී ගෙන එය 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් භාණ්ඩ බෙදාදීම සඳහා යොදාගැනීමෙන් මුදල් අවභාවිතාවයක් සිදු කිරීම යන චෝදානා යටතේ හිටපු ඛණිජ තෙල් ආමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා (නව ආපදා කළමනාකරණ අමාත්‍ය) සහ සතොස හිටපු සභාපති එස්. අමරසේකර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මුදල් සනත් පෙරේරා මහතා, ටී.එම්. අනුර සෙනෙවිරත්න සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ මැතිවරණ කාර්යාලයේ සේවකයෙකු ඇතුළු නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

17. වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය සඳහා රුපියල් මිලියන 91ක් වියදම් කරමින් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් ගොකිරීමේ එකකයේ හර්ෂාන්ද සිල්වාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

18. එම්.බී.එස්.එල්. රත්පත සමාගමේ මිලියන 423ක මුදලක් සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනාවට එම සමාගමේ පී.ඩී. කුමාර ලෝරන්ස් ගජනායක සහ එහි කළමණාකාරීත්වයට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

19. කෝට්ටේ නගරාධිපති ජනක රණවකට පැවති පෞද්ගලික නඩුවකට නීතීඥ ගාස්තු ගෙවීම සඳහා නගරසභා අරමුදලෙක් රුපියල් ලක්ෂ 50ක් යොදවා ගැනීම සම්බන්ධයෙන් ජනක රණවකට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

20. දළදා මාලිගාවේ ඉඩමක් කොටස් කර විකුනා රුපියල් මිලියන 26ක් දළදා මාළිගාවේ ගිණුමට බැර නොකර වංචා කිරීම සම්බන්ධයෙන් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාරට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

21. පීපල්ස් ලීසිං සමාගමෙන් ලීසිං පහසුකම් යටතේ වාහන 31ක් ලබාගෙන අදාළ වාරික මුදල් නොගෙවීමෙන් සිදුව ඇති අක්‍රමික සම්බන්ධයෙන් සජින්වාස් ගුණවර්ධන, ගාමිනී සෙනරත් ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු දෙකක් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

22. විදේශ කටයුතු අමාත්‍යාංශට, පීපල්ස් ලීසිං සමාගමෙන් ලීසිං පහසුකම් යටතේ ටෙන්ඩර් ක්‍රියාමාර්ග පවා උල්ලංඝනය කරමින් අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් රුපියල් තුන්කෝටි පනස් නව ලක්ෂයකට (රු. 35,900,000) මිලදී ගෙන අයතා පරිහරණය කිරීම යන චෝදනා යටතේ ඌව පළාත් හිටපු මහ ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ, සජින්වාස් ගුණවර්ධන, බ්‍රිගේඩිය එච්.ඩී.ජී. රණසිංහ ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

23. රුපියල් විසිඅටකෝටි විසිහත්ලක්ෂ පනස්දහසක (රු. 282,750,000) මුදල් වියදම් කරමින් පීපල්ස් ලීසිං සමාගමෙන් ලීසිං පහසුකම් ක්‍රමය යටතේ වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිළක් සඳහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන 66ක් මිලදීගැනීමේදී සිදු කරන ලද වංචාවට, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

24. පුද්ගලික ඉඩමක ඉදිකිරීමක් අනුමත කර දීම සඳහා රුපියල් ලක්ෂ 64ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එයින් ලක්ෂ 15ක් ලබාගැනීමේ චෝදනා මත බස්නාහිර හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ වන මොරීන් රණතුංග ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. 

25. ජාතික උරුමයක් ඇති කලාකරුවෙකු ගේ රුපියල් මිලියන 37ක් වටිනා චිත්‍ර සම්බන්ධයෙන් විශාසය කඩ කිරිම සම්බන්ධයෙන් මහාචාර්ය ඇල්බට් ධර්මසිරි එරෙහිව චෝදනා ගොනුකරමින් නඩු පැවරීම සඳහා වූ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.


Share on Google Plus