රාජපක්ෂවරුන්ගේ LTTE ගනුදෙනු එළියට.


රාජපක්ෂ ආණ්ඩුව සමයේ රාජපක්ෂවරුන් LTTE සංවිධානය සමග රහසිගතව පැවැත්වූ ගනුදෙනු පිළිබඳව තොරතුරු රැසක් හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ඉදිරියේදී හෙළිදරව් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

සරත් ෆොන්සේකා මහතා විසින් මීට පෙර මාධ්‍ය හමුවේ  විවිධ අවස්ථාවලදී අනාවරණය වූ රාජපක්ෂවරුන්ගේ LTTE සබඳතා පිළිබඳව හෙළි නොවූ කරුණු රැසක් සාක්ෂි සහිතව ඉදිරියේදී පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට මේ අනුව සැරසෙන බව වාර්තා වේ. 

විශේෂයෙන්ම 2005 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ සිට රාජපක්ෂ පවුලේ ප්‍රබලයින් LTTE නායකයින් සමග රහසිගතව සබඳතා පවත්වා ඇති බවට මීට පෙර අවස්ථා ගණනාවකදී කතා බහට ලක්වුවත් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු නොවීය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී පති සූරියාරච්චි මහතා රාජපක්ෂ පවුලේ ප්‍රබලයින් LTTE නායකයින් සමග රහසිගතව සබඳතා පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීමක් සිදු කළ අතර ඉන් පසු හදිසි අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්විය.

Share on Google Plus