LOLC වාර්තාවක් තබයි.


LOLC සමූහය එහි ප‍්‍රධානතම මූල්‍යායතන 3ක් එකට එක් කරමින් මෙරට මූල්‍ය ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී . මෙම ණය ගිවිසුම සදහා නිළ වශයෙන් අත්සන් කිරීම පසුගියදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ්දී පැවැත්වුණ අතර ඒ සදහා ශ‍්‍රී ලංකා රජයේ ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමා සම`ග අරමුදල් ප‍්‍රධානය කරනු ලබන ආයතනයන්හි නියෝජිතයන් හා සම්භාවනීය අමුත්තන් එක්ව සිටියහ. ඇමෙරිකානු ඩොලර් මිලිියන 247ක සම්පූූර්ණ මුදලක් විදේ්ශීය අරමුදල් සහකරුවන් රාශියක් විසින් තෙවදෑරුම් ණය ලෙස ලබා දුන් අතර, LOLC සමූහය ඒ සඳහා ම`ග පෙන්වනු ලබන ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කොට ඇත.

ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන මුූූල්‍යායතන අංශයේ විශාලතම ඒකාබද්ධ වටිනාකම ලෙස හැඳින්විය හැකි මෙම මුදල ජාතික මට්ටමින්ද සුුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලිියන 153.1 ක් Dutch සංවර්ධන බැංකුවෙහි පහසුකම් සපයන්නා සහ ප‍්‍රධාන සම්පාදකයා ලෙස අවසර ලත් FMO (Financierings Maatschappij Ontwikkelingslanden) හරහා කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී වෙත ලබා දෙනු ඇත. FMO හි ඇ.ඩො.මි 39.2ක ජ්‍යෙෂ්ඨ ණය මුදලක්ද, ඇ.ඩො.මි. 113.9ක් පමණ වන අති විශාල මුදල් ප‍්‍රමාණයක් තවත් හවුල්කාර ආයතන 11 දෙනෙකු ඒකාබද්ධ ණය ලෙසද කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) වෙත ලබා දෙනු ඇත .

එම හවුල්කාර ආයතන 11 නම්, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) (ඇ.ඩො.මි 20), Finnfund - කර්මාන්ත සහයෝගීතාව සඳහා වන ෆින්ලන්ත අරමුදල (ඇ.ඩො.මි.11), Proparco- ප‍්‍රංශ සංවර්ධන නියෝජිත ආයතනයේ (AFD)  උප සමාගමක්  (ඇ.ඩො.මි 10), BIO-  සංවර්ධනය වන රටවල් සඳහා වන බෙල්ජියම් ආයෝජන සමාගම (ඇ.ඩො.මි 7), DEG - ජර්මන් ආයෝජන හා සංවර්ධන ආයතනය (ඇ.ඩො.මි 20), OeEB- ඔස්ටි‍්‍රයානු සංවර්ධන බැංකුව (ඇ.ඩො.මි 10), ResponsAsility Investments AG (ඇ.ඩො.මි 12), Blue Orchard Finance (ඇ.ඩො.මි 10.1), Symbiotics(ඇ.ඩො.මි 9) සහ Dutch Oikocredit (ඇ.ඩො.මි 5) යන ආයතන විසින්  ලබා දී ඇති අතර ACTIAM ආයතනයද FMOහි ණය සංචිතය වෙත ඇ.ඩො.මි 5ක් ලබා දී ඇත .

මෙම සුවිශේෂී අවස්ථාවට එක්වෙමින් FMOහි  ප‍්‍රධාන ආයෝජක නිළධාරී Linda Broekhzer ‘‘මෙම ඇමෙරිකානු ඩොලර් මිලිියන 153ක ණය පහසුකම ලබා දීමේ ප‍්‍රධාන දායකත්වය සහ පහසුකම් සපයන්නා ලෙස FMO ආයතනය ඉමහත් සතුටට පත් වෙනවා. එය විශේෂයෙන් කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී මෙන්ම අනෙකුත් ණය දෙන ආයතනයන් හට ආර්ථිික වර්ධනය හා රැුකියා උත්පාදනය කිරීම සදහා අවශ්‍ය දිරිමත් කිරීම ලබා දෙනවා. අප අතර ඇති වසර 25කට එහා ගිය සබැදියාවක් සම`ග LOLC සමූහයට මේ ආකාරයේ පහසුකම් ලබා දීම සදහා නායකත්වය ගෙන කටයුතු කිරීමට හැකිවීම පිළිබදව FMO ආයතනය නැවත නැවතත් සතුටට පත්වෙනවා. ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය හා කුඩා ව්‍යාපාර නගා සිටුවීම වෙනුවෙන් LOLC සමූහයේ  කැපවීම රටෙහි තිරසාර සංවර්ධනය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ඉතා වැදගත්වන බව මේ මොහොතේ ප‍්‍රකාශ කළ හැකියි.’’ යනුවෙන් පැවසීය.

මෙම ඒකාබද්ධ ණය ගනුදෙනුවට අමතරව FMO ආයතනය අනෙකුත් ණය සපයන ආයතන සම`ග එක්ව කොමර්ෂල් ලීසිං සමාගමට සහාය දැක්වීමට කටයුතු කරනු ලැබේ. එහි ප‍්‍රමිතීන් තව දුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ඊට ගැළපෙන ආකාරයට සකස් කරනු ලබන තාක්‍ෂණික සහාය වැඩසටහන් සම`ගින් සහාය දැක්වීමට එම ආයතන කටයුතු කරනු ඇත. තාක්‍ෂණික සහායට අමතරව කලාපයේ වත්කම් හා වගකීම් කළමනාකරණය සදහා වන ධාරිතා වර්ධනය, පාරිසරික, සමාජීය සහ රාජ්‍ය ප‍්‍රමිතිීන්, පාරිසරික ආරක්‍ෂණ ප‍්‍රතිපත්ති සහ රැුකියාවන්හි  නිරතවන්නන්ගේ නායකත්වය හා දක්‍ෂතාවන් වර්ධනය කරන කළමනාකරණ සංවර්ධන වැඩසටහන් පැවැත්වීමටද අරමුණු කොට ඇත.

LOLC, ආසියානු සංවර්ධන බැංකුවේ (Asian Development Bank) ඇමෙරිකානු ඩොලර් මිලියන 30කින් සහ මැදපෙරදිග බැංකුවේ ඒකාබද්ධ ණය ඇමෙරිකානු ඩොලර් මිලියන 39කින්ද සමන්විත ඇමෙරිකානු ඩොලර් මිලියන 69ක මුදලක් ලබාගෙන ඇත. මෙහි තවත් විශේෂ අවස්ථාවක් වනුයේ  බහුපාර්ශවික සබඳතා නිරූපණය කරමින්  මැදපෙරදිග බැංකුවකින් මෙරට මූල්‍ය ක්‍ෂේත‍්‍රය වෙත ලබා දෙන මේ ආකාරයේ ප‍්‍රථම ඒකාබද්ධ ණය මුදල වීමයි.

ආසියානු සංවර්ධන බැංකුව විසින් LOLC ෆිනෑන්ස් පීඑල්සී වෙත ලබාදීමට සැළසුම්කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 69ක ඒකාබද්ධ ණය මුදල  වාරික 2ක් ලෙස ලබා දීමට සැළසුම් කොට ඇත . ඉන් පළමු ණය මුදල (A) වසර 7ක කාලයක් සඳහා  ආසියානු සංවර්ධන බැංකුව ම`ගින් අරමුදල් සම්පාදනය කරනු ලබන අතර  දෙවැන්නේදී (B) Emirates NSB බැංකුව Bank Muscut, First Gulf Bank, National Bank Of Oman සහ Rak Bank යන ආයතනයන් එක්ව වසර 3ක් සඳහා මුදල් සම්පාදනය කරනු ලබති. ආසියානු සංවර්ධන බැංකුව ණය වාරික දෙක සඳහාම ණය සපයන්නා ලෙසද, Bank Muscut හා First Gulf Bank දෙවැනි වාරිකය සඳහා ප‍්‍රධාන මුදල් සම්පාදකයා ලෙසද කටයුතු කරන අතර ඩුබායි පදනම් කරගත් ආයෝජන බැංකුව, ්Alpen Capital මූල්‍ය උපදේශකයන් ලෙසද  කටයුතු කරනු ලබයි.

මෙරට විශාලතම ක්‍ෂුද්‍ර‍්‍ර මූල්‍ය සමාගම වන LOLC මයික්‍රො ක්‍රෙඩිට් ලිමිටඞ්, ආසියානු සංවර්ධන බැංකුවෙහි ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක ජ්‍යෙෂ්ඨ ණය මුදලක් ලබාගත් අතර, එය වත්මන් මූල්‍ය වර්ෂය තුළදී සමාගම විසින්  ලබාගත් විශාලතම තනි ණය මුදල වේ.

මෙම ණය ගනුදෙනුවලට අමතරව ආසියානු සංවර්ධන බැංකුව විසින් LOLC මයික්‍රො ක්‍රෙඩිට් ලිමිටඞ් සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී හි මොබයිල් බෑංකින්  හා පාරිසරික හා සමාජ කළමනාකරණ ක‍්‍රියාවලිය  වෙනුවෙන් තාක්‍ෂණික සහාය පැකේජයක්ද ලබා දීමට නියමිතය.

වසර ගණනාවක් තිස්සේ මෙම වැඩසටහන තුළින් ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ක්‍ෂේත‍්‍රය තුළ ඉහළම ස්ථානයක් පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්‍ෂණික හා ක‍්‍රමවේද පුහුණුව ම`ගින් LOLC හි අරමුදල් ආධාර පරිපූර්ණය කිරිම පිණිස සුවිසල් කාර්යභාරයක්  ඉටුකොට ඇත. 

‘‘ශ‍්‍රී ලාංකේය ආර්ථිිකයේ ක්‍ෂුද‍්‍ර මූල්‍ය ව්‍යාපාරකරුවන් හා සුවිශේෂී සුළු හා මධ්‍ය පරිමාණ අංශය සදහා දිගුකාලීන ණය පහසුකම් සැලසීම වෙනුවෙන් LOMC හා LOLC  ෆිනෑන්ස් සම`ග මේ ආකාරයේ  සම්බන්ධතාවයක්  ගොඩනගා ගැනීමට හැකිවීම පිළිබඳ ඉතාමත් සතුටුයි. 2007 වසරේදී ණය ලබාදීම ම`ගින් LOLC ආයතනය සම`ග ගොඩනැගුණු සබඳතාව මත මේ ණය මුදල් ලබා දීමට හැකිවී තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික මූල්‍ය අංශයේ  වර්ධනය වෙනුවෙන් අනෙකුත් ණය පහසුකම් හරහා සහාය දැක්වීමට ADB මෑතක සිට කටයුතු කළා. ජ්‍යෙෂ්ඨ ණය ක‍්‍රමයට අමතරව ආසියානු සංවර්ධන බැංකුව  මැදපෙරදිග ප‍්‍රමුඛතම බැංකු සම`ග අත්වැල් බැඳගනිමින් LOLC හි වැඩිවන අවශ්‍යතාවන්  සපුරා ගැනීමට  තවත් ණය මුදලක් ලබා දීමට  කටයුතු කරනු ලැබුවා’’ යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ ADBහි පෞද්ගලික අංශ මෙහෙයුම් අංශයේ මූල්‍යායතන අධ්‍යක්‍ෂ Christin Engstrom විසින් පවසන ලදී.

ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නිළ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින්

ශ‍්‍රී ලංකා රජයේ ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අදහස් දක්වමින්  කියා සිටියේ ‘‘LOLC සමූහය වෙත සිය පූර්ණ විශ්වාසය පලකරමින්  මේ ආකාරයේ සුවිශේෂී ණය ගණුදෙනුවක් සිදුකිරීමට කටයුතු කිරීම  පිළිබඳව විදේශීය හවුුල්කරුවන් සියලූ දෙනාට රජය වෙනුවෙන් මාගේ ස්තුතිය පුදකිරීමට කැමතියි. මෙය ඇත්තටම LOLCආයතනයට පමණක් නොව මුළු රටටම ආඩම්බරයට පත් විය හැකි අවස්ථාවක්. මෙම දැවැන්ත ණය මුදල ම`ගින්  විශ්වාසය තහවුරු කළ  සාර්ව ආර්ථික පරිසරයක් ගොඩනැගෙනු ඇති අතර ආර්ථික සංවර්ධනය තුළින් ශ‍්‍රී ලංකාව තුළ නව පරිච්ඡේදයක්  ඇති කිරීමට මෙම ස්ථාවර බව හා වර්ධනය ඉතාම වැදගත් වනවා මෙන්ම  ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ ආකාරයේ ආයෝජකයන්ගේ උනන්දුව  ඉදිරියේදී තව තවත් වැඩිවනු FMO හා ආසියානු සංවර්ධන බැංකුව ඒවායෙහි හවුල්කරුවන් සම`ග මෙරට අනාගතය වෙනුවෙන්  විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව  සඳහන් කළ යුතුයි’’ යනුවෙනි.

LOLC සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ කපිල ජයවර්ධන මහතා සභාව අමතමින්

මෙම සුවිශේෂී ඒකාබද්ධ වැඩසටහනට සම්බන්ධ වෙමින් LOLC සමූහයේ  සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ කපිල ජයවර්ධන මහතා පැවසුවේ ‘‘ලොව පුරා කීර්තිමත් මූල්‍යායතන ම`ගින්  ඩොලර් බිලියන 1/4කට ආසන්න ණය මුදලක් ලබා ගැනීමට හැකිවීම පිළිබද ඉතාමත් සතුටුයි. මේ මූල්‍ය කණ්ඩායම ජාත්‍යන්තර  මූල්‍ය හවුල්කරුවන් අතර එකම හෝ ලොකුම සම්පාදකයන් විය හැකියි. LOLC සමූහය  ඔවුන්ගේ සංවර්ධන හා වාණිජ ඉලක්ක සපුරා ගැනීම  සදහා වන මාර්ගයක්් ලෙස ජාත්‍යන්තර ආයතන සලකනු ලබනවා. වසර ගණානාවක් පුරා මෙම සබඳතාව ම`ගින් අරමුදල් හරහා පුළුල් හා ශක්තිමත්  දායකත්වයත් ලබා දී තිබෙනවා. අපගේ විදේශීය හවුල්කරුවන් අප ආයතනයට තර`ගකාරී මෙහෙයුම් විශිෂ්ටත්වයක් අත්කර ගැනීමට අවශ්‍ය ධාරිතා වර්ධනයේ  සිට ගෝලීය  ප‍්‍රමිතීන් නිරාවරණය දක්වා සහයක් වසර ගණනාවක් පුරා ලබා දී තිබෙනවා. දිගුකාලීන සබඳතාවක්් තුළින් ශක්තිමත් වේදිකාවක් සකස් කර ඇති අප ආයතනයේ  දැක්ම ශක්තිමත්ව  ඉදිරියට ගෙන යමින්  විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ අංශයත්, ක්‍ෂුද‍්‍ර මූල්‍ය අංශයත් ශක්තිමත් කිරීමට මෙන්ම සියලූ ශ‍්‍රී ලාංකිකයන් හට තිරසාර සංවර්ධනයක් හා  සමෘද්ධිමත් අනාගතයක් උරුම කර දීමට කැපවී සිටිනවා’’ යනුවෙනි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සභාව අමතමින්

Share on Google Plus