මහින්ද මහත්තයාට ළියුමක්- Letter to MR.




ලංකාවේ වියවස්තාවෙනුත් බුද්ධාගමට තැනක් දී තිබෙන නිසාත්, ඒක නැතුව මෙළෝ දෙයක් කොරන්න බැරි නිසාත්, ගොන් ටොයියෝ පවා සිවුරට රටේ නීතියටත් වඩා බලයක් තියෙනවා කියා සිතන නිසාත්, අද ධර්මෙන්ම ටෝක්ස් එක පටන් ගන්න සිතුවේය.

මනොපුබ්බංගමා ධම්මා-මනොසෙට්ඨා මනොමයා
මනසා චේ පදුට්ඨේන-භාසති වා කරොති වා
තතෝ නං දුක්ඛමංවේති-චක්කං ව වහතො පදං
- ධම්ම පදය, යමක වග්ගය


කුශලාකුශල ධර්මයෝ සිත පෙරටුකොට ඇත්තෝය, සිත ප්‍රධානකොට ඇත්තෝය; සිතින්ම උපන්නාහුය. ඉදින් යමෙක් දුෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියා නම් ඒ කරනකොට දුක ඔහු පසු පස්සේ ගමන් කරයි. ( කුමක් මෙන්ද ?) කරත්තය බැඳී ගොනාගේ පය අනුව යන රෝදය මෙනි....


අවුරුදු 2500 කටත් කලින් කියාපු ඔය පරම සත්‍ය, මේ මෑත කාළයේ සුද්දෙක් ආයෙත් වමාරන්නේ, "එවරි ඇක්සොන් හෑස් ඒ රියැක්සොන්" කියාය. කරුමය කියන්නේ, අපේ රට පාළණය කොරන්න වත්මනේ එන එකෙකුටවත් ඕක අමතක වන එකය. ඒ තියා උන්ට අර්ථයෙන් හා ධර්මයෙන් ටෝක්ස් දෙන උන්ටත් ඕක අමතක වෙන එකය.

සුද්දා මේ රට සිවිලයිස් කොරලා, සුද්දෝ වගේම වැඩ කොරන්න සොල්බරි වියවස්තාවත් දීලා ගියාට, ගෝත්‍රිකයෝ (1956) රජ කරන්න පටන් ගත්තායින් පස්සේ, 1972 වියවස්තාවක් ගෙනල්ලා මේ රට ආයෙත් වැඩවසම් කොරමෙට ගෙනියන්න පටන් ගත්ත අතරේ, 1978 වියවස්තාවෙන් රජෙකුත් පත් කර ගත්තේය. අඩු පාඩුවකට තිබු මැරෙණකම් රජකම් කරන්න පුළුවන් එකත් 18 වෙනි වියවස්තාවෙන් වැඩැම්මු මහින්ද රජාට කෙල උනේ ඒක ටෙස්ට් කොරන්න ගිහිල්ලාය.

උන්නැහෙට කොරන්න තිබ්නේ 18 ටම අල්ලලා. ඡන්ද අයිතිය නැති කොරලා, රජකම පරම්පරාවෙන් පරම්පරාවට යන ක්‍රමයක් හදන්නය. කරුමෙට බ්‍රේක් නෑ කියනවා වාගේ ඒ දේ විතරක් උන්න්නැහේට කොර ගන්න බැරි උනේය. එහෙම කරා නම්, ඔය ධම්ම පදේ එච්චර අදාල වෙන්නේත් නැතිය. බුදු හාන්දුරුවෝ කිව්වා වාගෙම කරුමේ වෙනස් කර ගන්නේ එහෙමය. ඒත් මොකක් හෝ කරුමයට මේ සිංහ පෝතකයන්ට (රෝකට් කුමාරයා කියනා පරිදී) ඒ දේ කොර ගන්න බැරි උනේය.

කිසිම කෙනෙකුගේ කඳුළු වලින් සතුටු වන්නට පුළුවන් නම් ඔහු නරුමයෙක්ම විය යුතුය. මහින්ද මහත්තයා හා ශිරන්ති මොන දේ කලද, යෝෂිත යනු ඔවුන් දෙදෙනාගේ දරුවාය. දරුවන් ඇති ඕනෑම කෙනුකුට ඔවුන්ගේ කඳුළු වල උණුසුම දැනෙනවා නොඅනුමානය. නමුත් කරුමය කියන්නේ, මිනිසුන්ගේ කඳුළු හා දහදිය මැදින් බලය ලබා ගන්නා සෑම එකාටම, බලය ලැබුනායින් පසු ඒ සියල්ල අමතක වීමය.

මහින්ද මහත්තයා කැමැත්තෙන් හෝ බලකිරීමකින් පරාජය බාරගෙන මැදමුලනට ගියේය. එසේ ගිය ඔහු නිහඬව උන්න අතරේ, කස්ටිය කතරගම දෙවියෝ වඳින්න යනවා වාගේ තංගල්ලේ දෙයියෝ බලන්න ගියේය. එතුමාගෙන් වරප්‍රසාද වරදාන ලැබුන මාධ්‍යවේදියෝ හිතුවේ, මහින්ද තාමත් ජනපති කියලාය. ඊට පස්සේ අභායාරාමෙට කැන්දන් එන මහ රජ්ජුරුවෝට, සංවේදී කලාකරුවෝ කියන්නේ මරලා හරි ඉන්න තිබුනා නේ සෑර් කියාය.

මේ අඳෝවැඩියා වලින් කරන්නේ පැත්තක හිටපු පරජිතයා ෆෝම් කරලා ආයෙත් ලංකාවේ ජනාධිපති කොරනා එකය. එහෙත් මහින්ද මහතා දැනගත් යුතු දෙය නම් දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් පමණක් වන අතර ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන බවය.

මහින්ද මහත්තයා දෙශපාළණ වශයෙන් විනාශ කල පිරිස දැන් සැරසෙන්නේ, මහින්දගේ කුටුම්බයත් විනාශ කර දැමීමටය. මහින්ද දේශපාලන වශයෙන් තෙම්පරාදු කෙනෙක් නම් දැන් කල යුත්තේ, නිහඬව සිට තව අවුරුදු හතරකින් පමණ කළ එලි බැසීමය. මන්ද ජනතාව වෙනත් කෙනෙකුට බලය පවරා ඇති බැවින්ය. රට මෙන්ම ළෝකයා පිලිගන්නා නායකයා ඔහුය. නැවතත් මේ රට හූරගෙන කන්නට අවශ්‍ය කම්බ හොර් රැලක් සමඟ මේ කෙලින්නේ දේශපාලන වශෙයෙන් ගත්තද අමුම අමු ගොන් තකතීරු ක්‍රියාවකි.

FCID තියා මක්කා දැම්මත්, හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ බව කවුරුත් හොඳින් දන්නා කාරනයකි. ආන්ඩුවට සෙට් වූ හොරුන්ට එරෙහිව නීතිය කිසිම ආකාරයකින් ක්‍රියාත්මක නොවෙන බවද සියල්ලෝම දන්නා කාරනයකි. එසේ නම් කරන්න ට තිබුනේ අවම වශයෙන් නිහඬ පිලිවෙතක් අනුගමනය කිරීමයි. එහෙම නැතුව ප්‍රාදෙශීය පාතාල නායකයන්ට හා කම්බ හොරුන්ට බලය ලබා ගැනීමට තම පවුල බිල්ලට ඩීම නොවේ. කරන්න පුළුවන් හැම දේම කර ඇති බව හොඳින්ම දන්නා කෙනෙකු හැසිරිය යුත්තේ එසේය. 1994 එජාපයේ කම්බා හොරුන් හැසිරුනේ එහෙමය.

අහිංසකයෙක් හිරේ දාලා කියනා කතාව ගොන් බයියන් පිලිගත්තද අපිට ඒවා පිලිගන්නට බැරිය. අනෙක මෙතරම් කලක් ගිහිල්ලා අහිංසකයෙක් හිරේ දාලා නාගන්න අඬුවට උවමනා ඇති බවකුත් පේන්නට නැතිය. මහින්ද මහත්තයා උපදෙස් දුන් ආකාරයට හෝ හොරකම් කරන්න උපදෙස් දුන් උපසේනලා ගේ උපදෙස් පරිදි හෝ මතුපිටින් බලනා කල යෝෂිත, සී ඇන් ඇන් එකට කිසිම සම්බන්ධයක් ඇති පුදගලයකු නොවනා ආකාරයෙන් ක්‍රියා කර ඇත්තේ වුවද ඔහු මාට්ටු වෙන්නේ ඊ මේල් එක නිසාය.

ඔහු පමණක් නොව පොලීසිය කියානාකාරයට ශිරන්ති නෝනාද. එතුමියට මේකප් දාපු නෝනාගේ හස්බන්ඩාද මේ වැඩේ හවුල් කාරයෝය. මේවා ඔක්කෝම වමාරන්නත් ඇත්තේ ඔහේලාගෙම කස්ටිය වෙන්නත් ඇතිය. බලය නැති කොට පාරේ යන බල්ලාත් කකුලටම චූ කරනවා කියන්නේ ඕකටය. කොහොම හරි දැන් මේ වැඩේ බේරාගන්න ක්‍රම දෙකක් ඇත්තේය. පළවෙනි එක නීත්‍යානූකූලව උසාවියෙන්ය. අනික් ක්‍රමේ මාතලන් නොකිව්වාට අම්මට සිරි ලංකාවේ ඕනා එකෙක් දන්නවාය.

මොන සෙල්ලම් දැම්මත් මහින්ද මහත්තයාට ආයේ අවුරුදු පහක් හයක් යන තෙක් බලයට එනවා කියන එක බොරුය. විලිරුදා හැඳුන විලි ලැජ්ජාවක් නැති විමල්ලා, ගොම්මන්පිලලා සහ ජාතිවාදි දිනේස්ලා බන්දුලලා, අමු ගොබ්බ තිස්ස වාසු හා ඩීව්ලාට වාගෙම, අනෙක් කම්බා හොරුන්ට බලේ ගන්න මුලු පවුලම සිර ගත කොරනවාද (නාමල්ගේ අරගලය.) එසේ නොමැති නම් ඩීල් කාරයගෙන් පිරි ආන්ඩු පක්ෂය හා බැසිල්ලා සජින් වාස්ලා වාගෙ ඩීල් එකක් දා ගන්නවාද යන්න තීරනය කළ යුත්තේ. ඔබතුමා මිස අපි නොවය.

මන්ද, සරත් ෆොන්සේකාගේ මුළු පවුලම විඳි දුක රාජපක්ෂ පවුලත් විඳිනවා අපට බලා සිටින්නට බැරි නිසාය. අනෙක් කරුණ නම් කුමන වැරදි තිබුනද, යුද්ධයක් නිසා අනේක දුක් විඳි පුද්ගලයන් ලෙස, ඔබතුමා කෙරේ අප තුල ගෞරවයක් ඇති නිසාය.

විශේෂ -

ඇක්සෙකටිව් පවර් තිබුනාට බලය අතහැර ගිය විජේතුංග මහත්තයා හැර අනෙක් හැම එකාම "කරුමේ" නියමෙටම වින්දේය. ජේ ආර් අවසාන කාලයේ උන්නේ පුක උඩ දාගෙනය. ප්‍රේමේ ලලිත්ට ගේම් දීලා සුමාන දෙකෙන් ලලිත් ළඟටම ගියේය. සැටලයිට් නෝනා විහාර මහා දේවීයගේ සිට, විස්ක් මැඩම් හරහා අවසානයේ චෞර රැජිණ වී අනේක දුක් පිඬ වින්දේය. දැන් පරිප්පු කන්නේ මහින්දය.

මෙය මෙතනින් අවසන් වන එකත් නැතිය... ඒ නිසා මේක තියාගෙන අනාගතේ පරිප්පු කනවාද..? එහෙම නැත්නම් මැරෙණකන් ඉන්න ක්‍රමයක් හදා ගන්නවාද..? කියනා එකත් මේ වෙලාවේ හැමෝම සිහි කල්පනාවට ගන්න එකත් හොඳය.. මොකෝ මහින්දලා පලිගන්නේ මෙහෙම නොවනා නිසාය..

වික්ටර් අයිවන් පවා "චෞර රජා" කියා පොතක් ගහන්නේ නැත්තේ ඒ නිසාය.



-මාතලන් | Maathalan


Share on Google Plus