ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව ඇරඹෙයි.


ජාතික නිදහස් දින රාජ්‍ය උත්සවය කොළඹ ගාලුමුවදොර පිටියේදී දැන් පැවැත්වෙනවා. මෙම උත්සවය ආරම්භවූයේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ සම්ප‍්‍රාප්තියෙන්.

ඊට පෙර පිළිවෙළින් බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය , බස්නාහිර ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන්, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන්ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද උත්සව සභාවට පැමිණියා.

අනතුරුව උත්සව සභාවට පැමිණියේ අගවිනිසුරු කේ. ශී‍්‍ර පවන් මහතා සහ එම මහත්මියයි. කථානාක කරු ජයසූරිය මහතා සහ එම මැතිණියද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එම මැතිණියද ඊළඟට උත්සව සභාවට පැමිණියා.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පිළිගනු ලැබූයේ අග‍්‍රාමාත්‍යවරයා, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින්. 

අනතුරුව ජනාධිපතිවරයා විසින් මගුල් බෙර වාදන සහ සක්නද මධ්‍යයේ ජාතික ධජය ඔසවනු ලැබුවා. ජාතික ගීය ගායනා කළේ පාසල් සිසු සිසුවියන් සිය දෙනෙකු විසින්.

68 වැනි ජාතික නිදහස් දින සැමරුම අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ත්‍රස්තවාදයෙන් රට බේරාගත් රණවිරුවන් ගෞරවයෙන් සිහිපත් කරන බවයි.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාද ජාතික නිදහස් දින රාජ්‍ය උත්සවයට පැමිණ සිටිනවා. 


Share on Google Plus