ෆොන්සේකාට හරීන් විරුද්ධ වෙයි.


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක්  ලබාදීම පිළිබඳව විරෝධය දක්වන බව බව අමාත්‍ය හරීන්  ප්‍රනාන්දු මහතා ප්‍රකාශ  කර තිබෙනවා. 

ඔහු පවසන්නේ පරාජය වූ මන්ත්‍රීවරයකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් තමා පෞද්ගලිකව විරුද්ධ බවයි. 

එහෙත් ජාතික ආරක්ෂාව සහ වත්මන් තත්ත්වය  අනුව සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට යැවීමට සිදුවන බව හරීන්  ප්‍රනාන්දු මහතා පෙන්වා දී තිබෙනවා. 

හමුදාවේ මෙන්ම රටේ ආරක්ෂක කටයුතුවලට මෙවැනි පුද්ගලයකු පාර්ලිමේන්තුවට පත්වීම තුළින් ශක්තියක් ඇති වන බවයි  අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

Share on Google Plus