FCIDය රකී - තවත් අය ළඟදීම ඇතුළට.


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම පසුගිය බදාදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදීද සාකච්ඡාවට බඳුන් විය.කෙසේවුවත් එහිදී අමාත්‍ය මණ්ඩලයේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ වඩාත්ම අවධානය යොමුකළේ යෝෂිත අත්අඩංගුවට ගැනීමට වඩා ඒ සම්බන්ධයෙන් රජයේම ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සාමාජිකයකුගේ අදහස් දැක්වීමක් ගැන විමසීමටය. යෝෂිත අත්අඩංගුවට ගනු ගැබූ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසිරුවා හැරිය යුතුව ඇතැයි ඔහු කියා තිබිණ.

කැබිනට් මණ්ඩල හමුව පැවැත්වීමට පෙර දිනයේ එනම් අඟහරුවාදා ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ. යෝෂිත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මතය ඔහු පැහැදිලි කළේය. පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසිරුවා හැරිය යුතුව ඇතැයි කියා සිටි ඔහු යෝෂිතට නැගී ඇති චෝදනා විභාග කළ යුත්තේ රටේ සාමාන්‍ය නීතිය යටතේ යැයි පැවසුවේය. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණය කිරීමට වෙනම කොමිසමක්ද, පොලිසියද තිබෙන නිසා ඒ සදහා වෙනත් විශේෂ පොලිස් ඒකකයක් තිබීමේ කිසිඳු අවශ්‍යතාවක් නැති බව හෙතෙම අවධාරණය කළේය.

රජයේ නිල තොරතුරු නිකුත් කරන මධ්‍යස්ථානයක සිට නිමල් සිරිපාල ද සිල්වා කළ මෙම ප‍්‍රකාශය බරපතලය. රජයේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ශවයට පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් පැහැදීමක් නොමැති බව ඔහු අනාවරණය කළේය.එම පක්ෂයේ‍ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ද දරන්නේ මෙම අදහසමය.තම ඡන්ද කොට්ටාශ වල ජනතාව තමන්ව ක‍්‍රමයෙන් කොන් කරන තත්ත්වයක් ඇතිව තිබෙන බවටද ඔවුහු කියන්නෝය.පොලිස් මූල්‍ය අපරාධ ඒකකය පරීක්ෂණ මෙහෙයවන බවක් පෙනී යනුයේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ඉලක්ක කර මිස සාධාරණව නොවන බව ඔවුන් එල්ල කරනා චෝදනාවයි. මෙනිසා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ක‍්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවත් එක්සත් ජාතික පක්ෂය ක‍්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතින බවත් ඔවුහු කියන්නෝය.

ජනපතිවරයා හමුවී අදහස් හුවමාරු කරගැනීමකින් තොරව මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් හමුවේ දැඩිව විවේචනය කැරිණ. පසුගිය වසරේ පෙබරවාරි මස 12 වැනිදා අමාත්‍ය මණ්ඩල හමුවක් කැඳවමින් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ස්ථාපිත කළේ ජනපති මෛතී‍්‍රපාල සිරිසේනය.ඊට අමතරව දුෂණ මර්දන කමිටුවක් පිහිටුවීමටද එම හමුවේදීම තීරණය විය.මෙම කමිටුවට පැවරුණු කාර්යභාරය වූයේ ජනතාවගෙන් ලැබෙන පැමිණිලි විමර්ෂණය කිරීම සදහා අදාළ ආයතනයන් වෙත යොමුකිරීමය.කමිටුව පිහිටුවීමට යෝජනාව ඉදිරිපත් කළේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාය.වැඩිදුරටත් සේවය ලබාගැනීමට මෙම කමිටුවේ කි‍්‍රයාකාරී කාලය ලබන ජූනි මස 30 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

මෙම ඒකක වල කටයුතු අධීක්ෂණය කෙරෙන විධායක කවුන්සිලයක සභාපතීත්වය හොබවන්නේද ජනපතිවරයාය.ජනතා විමුක්ති පෙරමුණද එදවස මෙහි සාමාජිකයකු වූ අතර විමර්ෂණ කි‍්‍රයාවට නැංවෙන ආකාරය සම්බන්ධයෙන් පැහැදීමක් නොමැති බව කියමින් පසුව ඔවුන් එයින් ඉවත් විය.නමුත් පසුගියදා පාර්ලිමෙන්තුවේදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පක්ෂව අදහස් දැක්වීමක නිරත විය.

“ත‍්‍රස්තවාදය මර්දනය කරන්නට ඔවුන් විමර්ෂණ ඒකකයක් පිහිටෙව්වා.රටට මත්කුඩු එන එක ඉහළ ගියහම එය පාලන කරන්නට මත්ද්‍රව්‍ය නාශය අංශයක් ඇතිකළා.පරිසරයට වන හානි වැඩි වැඩියෙන් වාර්තා වෙනකොට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පරිසර ඒකක පිහිටෙව්වා.ඉතින් මූල්‍ය අපරාධ ගැන මේ තරම් තොරතුරු තියෙන කොට ඒවා විමර්ෂණය කරන්න මූල්‍ය අපරාධ ඒකකයක් පිහිටුවන එකේ තියෙන වරද මොකක්ද?” දිසානායක සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට පහර දෙයි
බදාදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී නීතිය හා සාමය පිළිඹද අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය විසිරුවා හැරිය යුතුයැයි ප‍්‍රසිද්ධියේ පවසා සිටීම රජයේ සාමාජිකයකු ලෙස සුදුසුද යන්න ද සිල්වාගෙන් විමසා සිටියේය.රජයක් ලෙස සියලූදෙනා හට ඒකාබද්ධ වගකීමක් හිමි බව මතක් කර දුන් සාගල එසේ අදහස් දැක්වූයේ රාජපක්ෂවරුන් ආරක්ෂා කරගැනීමේ අරමුණකින්දැයි විමසුවේය.වහාම ඊට ප‍්‍රතිචාර දැක්වූ ද සිල්වා කියා සිටියේ තමන් අදහස් කළේ එවැනි චෝදනා විභාග කිරීමට රටේ දැනටමත් ආයතන තිබෙන බව පමණක් බවය.කෝපාන්විත ස්වරයකින් අදහස් දක්වමින් මෙහිදී කතාවට සම්බන්ධ වූ සංවර්ධන මූලෝපායන් හා අන්තර්ජාතික වෙළදාම් පිළිඹද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා රජයේ සාමාජිකයකු ලෙස එසේ අදහස් දැක්වීමක් නොකළ යුතුව තිබුණේ යැයි ද සිල්වාට චෝදනා කළේය.මූල්‍ය අපරාධ ඒකකය ඇතිකළේ ජනපතිවරයාද ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුවකදී ගත් තීරණයක් ප‍්‍රකාරව බැවින් එය නිකන්ම විසිරුවා හැරීමේ කිසිදු හැකියාවක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඒකාබද්ධ වගකීම් දැරීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යය අනුගමනය කරන කි‍්‍රයාපිළිවෙත සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරමින් අගමැති වික‍්‍රමසිංහ මේ අවස්ථාවේදී සංවාදයට එක්විය.යම් යෝජනාවක වාසි හා අවාසි සාකච්ඡා කිරීමෙන් පසුව ගන්නා අවසන් තීරණය ජනතාව ඉදිරියේ ආරක්ෂා කිරීමට එරට රජයේ පාර්ශවයේ සාමාජිකයින් කටයුතු කරන බව ඔහු පැවසුවේය.රජයට පටහැනි මතයක් දරන්නේනම් සහ එය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය නම් එම තැනැත්තා හෝ තැනැත්තිය කැබිනට් මණ්ඩලයෙන් මුලින්ම ඉවත් විය යුතුව ඇති බවද ඔහු කීවේය.අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මෙහෙදි අදහස් දක්වමින් මූල්‍ය අපරාධ ඒකකයේ කටයුතු නීතිපති දෙපාර්තමෙන්තුව ඔස්සේ පාලනය විය යුතුව ඇතැයි පැවසුවේය.නමුත් යෝෂිත අත්අඩංගුවට ගැනුනේ නීතිපති දෙපාර්තමෙන්තුවේ උපදෙස් අනුව බව ඔහු දැන සිටියේ නැත.වර්තමානයේ ශී‍්‍රලංකාවට ලොව උසස් තැනක් හිමිව තිබෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කීවේය.පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ඉහළ සේවයක් ලබාදෙමින් සිටින බවත් එනිසා එය අවතක්සේරු කිරීම කිසිසේතම සිදුනොකළ යුතු බවත් ඔහුගේ මතය විය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමාජ සවිබල ගැන්වීමේ හා සමාජ සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාට වාග් ප‍්‍රහාරයක් එල්ල කිරීමට මෙය අවස්ථාවක් කරගත්තේය.

‘ඔබ පවසා තිබෙනවා තවත් වසර දෙකකින් ආණ්ඩුවක් පිහිටුවනවා කියා.ඔබ පවසා තිබෙනවා රාජපක්ෂවරුන් හා රජයේ නායකයින් එක්සත් කිරීමට අවශ්‍යයි කියා.මොනවද මේ? ඔබතුමා ආණ්ඩුවේ සැපයි විපක්ෂයේ සුරක්ෂිතභාවයයි විදිනවා.’

මූල්‍ය අපරාධ ඒකකයේ විමර්ෂණ කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනපතිවරයා ශිරන්ති රාජපක්ෂට හා ඇයගේ පුතුන් දෙදෙනකුට නැගී ඇති චෝදනා කෙතරම් බලපතලද යත් ඔවුන්ට ඇප ලබාගැනීමට පවා අවස්ථාවක් නොතිබිය යුතුයැයි තම මතය වන බව කියා සිටියේය.මෙහිදී සාකච්ඡාවට එක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වුවද තමන් පවා මෙම විමර්ෂණ කටයුතු සිදුවන ආකාරය ගැන නොදන්නා බව පැවසුවේය. “වීනිතභාවයක් තියෙන්න  ඕන මේ කටයුතු වල.මේවා හරිගස්සන්න  ඕනේ.” ඔහු කීවේය.

මාව අත්අඩංගුවට ගන්න - රාජපක්ෂ

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන වැඩි කාලයක් ගතවීමට මත්තෙන් තමන්ට මහින්ද රාජපක්ෂගෙන් දුරකතන ඇමතුමක් ලැබුණු බව අගමැති වික‍්‍රමසිංහ මෙම අවස්ථාවේදී හෙළිකළේය.නීතියට අනුව කටයුතු සිදුවන බැවින් කිසිත් සැඟවීමට අවශ්‍යතාවක් නැතැයි ජනපති සිරිසේන මෙහිදී අවධාරණය කළේය.

යෝෂිත අත්අඩංගුවට ගෙන දිනකට පසු එනම් පසුගිය ඉරිදා මහින්ද රාජපක්ෂ දළදා මාලිගාවට පැමිණියේය.ඔහුගේ අදහස් විමසීමට මාධ්‍යවේදීහු මෙය අවස්ථාවක් කරගත්තෝය.

“ඔබ පසුගියදාක ජනපතිවරයා සමග එකට පන්සලකට ගොස් සිටියා නේද.ඉතින් ඔබට බැරිද සාකච්ඡා කරලා යෝෂිතගේ ප‍්‍රශ්නයට විසඳුමක් ලබාගන්න?” යැයි එක් පැනයක් නැගිණ.

“ඇත්ත.අපි දෙන්නාම එකට ගියා තමයි.නමුත් මම මේ ගැටලූව විසදලා දෙන්නය කියා කාටවත් කතාකරන්න යන්නේ නැහැ.මම මගේ දරුවන්ගේ ගැටලූ කා ඉදිරියටවත් අරගෙන යන්නේ නැහැ.” රාජපක්ෂ කීවේය.

ගාලූමුවදොර පැවති නිදහස් දින සමරු උළෙල අවසාන වූ වහාම නීතිය හා සාමය පිළිඹද අමාත්‍ය සාගල රත්නායක කොටුව චැතම් වීදියේ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ කාර්යාලය වෙත ගියේය.එම ඒකකයේ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා ඇතුලූ නිලධාරීහුද,පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාවද ඇමතූ ඔහු මූල්‍ය අපරාධ ඒකකයේ කටයුතු සම්බන්ධයෙන් රජයට කිසිදු ගැටලූවක් නැතැයි අවධාරණය කළේය.ඇතැම් පාර්ශවයන් එල්ල කරන අවිචාරමත් විවේචන හමුවේ නොසැළෙන ලෙස එම නිලධාරීන් හමුවේ පැවසූ ඔහු දැනට සිදුකරන ලෙසටම ඉදිරියටද වැඩකටයුතු දියත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ෆීල්ඩ් මාර්ෂල්ට නීතිය හරහට?

රාජපක්ෂවරුන්ට එරෙහි දේශපාලන මෙහෙයුමට එක්වීමට නියමිත තවත් පුද්ගලයකු වන්නේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය.බ‍්‍රහස්පතින්දා පැවති නිදහස් දින සමරු උළෙලේ ඔහුට අති විශේෂ ආසනයක් වෙන් කර තිබිණ.සේනාධිනායකයා වන ජනපතිවරයා හා සමග ඔහුද හමුදා භට කණ්ඩායම් වෙත ආචාර කළේය.කැබිනට් මණ්ඩල හමුවෙන් පසු අරලිගහ මැදුරේදී පැවති එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ හමුවේදීද ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂය හා එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණ. ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර එම අවස්ථාවේ සිට ඔහු එක්සත් ජාතික පක්ෂය සමග එක්විය.ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් ඇතිකෙරන නව අමාත්‍යධූරයක් ඔහුට ලබාදීමට නියමිත බව දැනගන්නට ඇත.
එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ හමුවේදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අනතුරු ඇගවීමක් සිදුකළේය.2004 පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තුවෙන් තමන් හා හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා පාර්ලිමෙන්තුවට යෝජනා කෙරුණු අවස්ථාවක් ඔහු සිිහි කැඳවීය.නමුත් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා දැනුම්වත් කර නොතිබූ බව විජයදාස පැවසුවේය.මෙය හඳුනාගත් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය දෙදෙන පාර්ලිමෙන්තුවට පත්වීම නීති විරෝධී යැයි අභියාචනාධිකරණය ඉදිරියට ගිය බවත් පැමිණිල්ල විභාගයට ගත් අභියාචනාධිකරණ විරෝධයට පක්ෂව තීන්දුව ලබාදුන් බවත් ඔහු කීවේය.එනිසා ෆොන්සේකා පාර්ලිමෙන්තුවට පත්වීම එදා දුන් මෙම අධිකරණ තීන්දුව යටතේ අභියෝගයට ලක්කිරීමේ අවස්ථාවක් තිබෙන බවට විජයදාස අනතුරු ඇගවූයේය.මෙය වැඩි ගණනකට නොගත් අගමැතිවරයා  ඕනෑම කෙනෙකුට අධිකරණය හමුවට යෑමට හැකි බව පැවසුවේය.ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය - එක්සත් ජාතික පක්ෂය අතර ඇතිවූ අවබෝධතා ගිවිසුම අද දිනයේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත.ෆොන්සේකා ලබන පාර්ලිමෙන්තු සැසිය පැවැත්වෙන අඟහරුවාදා දිනයේ දිව්රුම් දීමට නියමිතය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දැන් සිටම සූදානම් වන්නැයි අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය පිරිසගෙන් ඉල්ලා සිටියේය.ඔහු මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනයක් හෙළි නොකළේය.ජනපති සිරිසේන පෙර අවස්ථාවක පැවසූයේ පළාත් පාලන මැතිවරණය මෙම වසරේ ජූලි මාසයේ පැවැත්වෙන බවය.නමුත් රජයේ ඉහළ පෙල ආරංචි මාර්ගයට අනුව පළාත් පාලන මැතිවරණය මෙම වසරේ පැවැත්වීමට හැකියාවක් ඇති බවක් පෙනෙන්නට නැත.මැතිවරණය පැවැත්වෙන නව මැතිවරණ ක‍්‍රමය රැගත් නව ව්‍යවස්ථාව තවමත් සාකච්ඡා අදියරේ පැවතීම මෙයට ප‍්‍රධානම හේතුවයි.පළාත් පාලන ආයතන සම්බන්ධ නීති සංශෝධනය කළ යුතුව තිබීමත්,සීමා නීර්ණක කමිටුවේ කටයුතු අවසන් කළ යුතුව තිබීමත් මැතිවරණය ප‍්‍රමාද කරවන තවත් කරුණුය.

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සම්බන්ධව පැවැත්වෙන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පසුගිය සිකුරාදා ජාතික විධායක කවුන්සිලයේ රැස්වීමක් පැවැත්විණ.මෙම රැස්වීම පැවැත්වුණේ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට දිනකට පෙරය.ජනපති සිරිසේන ප‍්‍රධානත්වයෙන්,අමාත්‍යවරු,අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ සහ මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ ප‍්‍රධානීහු,නීතිපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීහු,සිවිල් සමාජ කි‍්‍රයාකාරීහු ඊට සහභාගීව සිටියහ.රැස්වීම පැවැත්වෙන අතරතුරුදී මහජන පරිපාලන කටයුතු පිළිඹද අමාත්‍ය ජොන් සෙනෙවිරත්න මහතා හා බස්නාහිර පළාත් සංවර්ධන සහ මෙගාපොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විවාදයක පැටලිණ.

ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෙනෙවිරත්න දෙයක් ජනතාවට පවසා සිටීමට ප‍්‍රථමයෙන් ඊට අදාළ නීතිමය කරුණු විමසා සිටිය යුතුව ඇතැයි පැවසුවේය.රණවක ඔහුට හරස් කැපුවේය.ඇවන්ගාඩ් සිදුවීම අධ්‍යනය කළේ නීතිපති දෙපාර්තමෙන්තුවේ උසස් නිලධරයකු බවත් අයථා ගනුදෙනු වල යෙදී ඇතැයි ඇවන්ගාඩ් සමාගම හා සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනුණේ ඔහුගේ නිර්දේශ යටතේ බවත් රණවක පැවසුවේය.නමුත් පසුව තවත් නිලධරයෙක් වෙනත් මතයක් ඉදිරිපත් කළ බවත් අනතුරුව කටයුතු සිදුවූයේ ඒ අනුව බවත් රණවක කීවේය.හිටපු අමාත්‍ය තිලක් මාරපන මහතාද මෙම කටයුතු හා සම්බන්ධව සිටි බව හෙතෙම වැඩිදුටත් සඳහන් කළේය.

විමර්ෂණ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ අදහස්
කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය සම්බන්ධව හා වෙනත් කරුණු සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ ඒකකය සිදුකරමින් සිටින විමර්ෂණ පිළිඹදව එම ඒකකයේ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා අදහස් දැක්වීමක නිරත විය.තම ඒකකය පැමිණිලි 208 ක් සම්බන්ධයෙන් විමර්ෂණ පවත්වමින් සිටින බවත් ඒවා අතරින් මේ වන විට හතරක් අවසන් කර ඇති බවත් හෙතෙම පැවසුවේය.යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනුනේ එසේ අවසන් කෙරුණු එක් විමර්ෂණයක් අනුව බවත් ඔහු කීවේය.එනම් තවත් තිදෙනෙක් නුදුරු දිනවලදීම අත්අඩංගුවට ගැනෙනු ඇතැයි පැහැදිලිය.තම ඒකකයට මනුෂ්‍ය ඝාතන පිළිඹද පැමිණිලි 38 ක් ලැබී තිබෙන බව අපරාධ පරීක්ෂණ කොට්ටාශයේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පැවසුවේය.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතන සම්බන්ධ විමර්ෂණ හා යෝෂිත ඇතුළු තවත් පස් දෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිකිරීමට සන්ඬේ ටයිම්ස් ඔහු සම්බන්ධ කරගත් අවස්ථාවේ විද්‍යාලංකාර අකමැති විය.

“මම මාධ්‍ය වලට ස්තූති කරන්න කැමතියි අප කරන වැඩ ගැන ජනතාව අතරට තොරතුරු ගෙන යන එක ගැන.නමුත් මට අදහස් දක්වන්න බලයක් නැහැ.මේ ගැන ඔබ අහන්න  ඕන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගෙන්.එපමණයි මට කියන්නට තිබෙන්නේ.” ඔහු පැවසුවේය.

කාල්ටන් ස්පෝරට්ස් නෙට්වර්ක් හෙවත් සීඑස්එන් නාළිකාවේ සභාපති හා ප‍්‍රධාන තීන්දුගන්නා ලෙස කටයුතු කර තිබෙන්නේ හිටපු ජනපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ බව සනාථ වන තොරතුරු හමුවී ඇතැයි පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.සීඑස්එන් හි කලමණාකාරීත්වය හා වෙනත් විදෙස් සමාගම් අතර හුවමාරු වී ඇති විද්‍යුත් ලිපි පරීක්ෂා කිරීමෙන් මේ බව අනාවරණය කරගැනීමට හැකිව තිබෙන බව එහි වැඩිදුරටත් සඳහන්ය.සමාගමට මූලික ප‍්‍රාග්ධනයක් ලෙස ඩොලර් ලක්ෂ 23 ක මුදලක් විදෙස් සමාගමකින් ලැබී ඇත.මෙම ගනුදෙනුව නීතිවිරෝධි යැයි පවසන පොලිසිය එය සිදුව ඇත්තේ මුදල් විශුද්ධිකිරීමේ පණත උල්ලංඝනය වන අයුරින් යැයි පවසයි.ගනුදෙනුව සාධාරණීකරණය කරමින් සීඑස්එන් ප‍්‍රධානීහු මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය වෙත ලබාදී ඇති ප‍්‍රකාශයන් පිළිගත හැකි තත්ත්වයේ නොමැති බව පොලිසියේ මතයයි.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින්ට තවමත් චෝදනා ගොණු කර නොමැත.තම පුත් යෝෂිත රාජපක්ෂ අහිංසක යැයි හිටපු ජනපතිවරයා පවසන අතර මේ සිදුවන්නේ රාජපක්ෂවරුන් දඩයම් කිරීමක් යැයිද චෝදනා කරයි.‘‘ අත්අඩංගුවට ගන්නවානම් ගන්න  ඕනා මාවයි‘‘ ඔහු වරක් පැවසුවේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයෙන් හා වෙනත් මූලාශ‍්‍ර වලින් ලැබුණු තොරතුරු ඇසුරින් සීඑස්එන් විමර්ෂණය පැවැත්වුණේ කෙසේද යන්න අනාවරණය කරගැනීමට සන්ඩේ ටයිම්ස් හට හැකිවිය.පහත දැක්වෙන්නේ එම තොරතුරුය.

සීඑස්එන් සිද්ධිය - ආරම්භය

කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ බී 9823 / 2015 පැමිණිල්ල විභාග කිරීම ආරම්භ වූයේ පසුගිය වසරේ මාර්තු මස 15 වැනිදාය.කාල්ටන් ස්පෝරට්ස් නෙට්වර්ක් සමාගමට එරෙහිව සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින පුරවැසියෝ නම් සංවිධානයක් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සැළකිල්ලට ගත් පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විභාගය ආරම්භ විය.අනතුරුව ගෙවුනු මාස හත හමාරක කාලයේදී මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය වාර්තා 20 ක් අධිකරණයට ඉදිරිපත් කළ අතර එම එක් එක් අවස්ථාවේදී කටයුතු කළ යුතු ආකාරය පිළිඹද අධිකරණ නියෝගද ලබාගත්තේය.
සීඑස්එන් ආරම්භ කිරීම සදහා බලපත‍්‍රය ලබාගැනීම සදහා ඉදිරිපත් කර තිබූයේ 260/ 12 ටොරින්ටන් ඇවනියු කොළඹ 07 ලිපිනයයි.මෙම නිවසේ හිමිකරු මෙරට ප‍්‍රමුඛ පෙලේ චීන ව්‍යාපාර හා සම්බන්ධ ප‍්‍රභාත් නානායක්කාර නම් ව්‍යාපාරිකයකු විය.මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට අනාවරණය කරගැනීමට හැකිවුනු ආකාරයට ඔහු මෙම නිවස ශිරන්ති රාජපක්ෂට විකුණා ඇත.පෙර අවස්ථාවලදී සීඑස්එන් එහි මෙහෙයුම් කටයුතු සදහා යොදාගත්තේ ජනාධිපති මාවතේ පිහිටි සේමා ගොඩනැගිල්ලයි.නාමල් රාජපක්ෂගේ තාරුණ්‍යයට හෙටක් ව්‍යාපාරයද කි‍්‍රයාත්මක වූයේ මෙහි සිටය.කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටද තවත් අවස්ථාවක සීඑස්එන් මෙහෙයුම් කටයුතු දියත් විය.සීඑස්එන් හට රූපවාහිනී විකාශන කටයුතු වලට හා තරංග ආයාමයන් වෙන් කරගැනීමේ අවසරය ලබාගැනීම සදහා අවසර ලබාගැනීමට මාධ්‍ය අමාත්‍යංශය සකස් කර තිබූ කැබිනට් පති‍්‍රකාව මුලින්ම යවා ඇත්තේ යෝෂිත රාජපක්ෂටය.ඔහු එයට අත්සන තබා සහතික කිරීමෙන් පසුව පති‍්‍රකාව කැබිනට් මණඩලයට ඉදිරිපත් කර ඇත.

සීඑස්එන් විකාශන කටයුතු සඳහා අනතුරුව 236 / 1 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,බත්තරමුල්ල ලිපිනයේ මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකර ඇත.මේ සදහා වැයව ඇති මුදල ලෙස සදහන් වන්නේ රුපියල් ලක්ෂ 2000 කි.මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට සොයාගැනීමට හැකිව තිබෙන ආකාරයට ඉදිකිරීම් භාරව කටයුතු කර ඇත්තේ පසුගිය රජය හා සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය සමාගමකි.එම සමාගමට රුපියල් ලක්ෂ 1030 මුදලක් ගෙවා ඇති බවද අනාවරණයව ඇත.මෙම මුදල් ගෙවා ඇත්තේ කවුරුන්ද,ඉතිරි මුදල් ගෙවා නොමැත්තේ මන්ද යන්න සොයාගැනීමට වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

සීඑස්එන් ගොඩනැගිල්ල ඉදිකර තිබෙන භූමිය අයත් වන්නේ ඞී.ඒ.රාජපක්ෂ පදනමටය.මෙම පදනමට 2003 දී පාර්ලිමෙන්තුවට ඉදිරිපත්වූ කෙටුම්පතකින් ලැබී ඇති නෛතික පිළිගැනීමක් හිමිය.එම කෙටුම්පතේ කරුණු ප‍්‍රකාරව වසර 99 ක කාලයකට බදු දී ඇති මෙම ඉඩම භාවිතා කිරීමට ඞී.ඒ.රාජපක්ෂ පදනමට අවසර ඇත්තේ එම පදනමේ අරමුණු හා ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමේ කටයුතු සඳහාම පමණි.එවක විපක්ෂ නායකයා ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම ඉඩම ලබාදී තිබෙන්නේ එදවස එක්සත් ජාතික පක්ෂ රජයේ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එම්.එච්.මොහොමඞ් මහතාය.මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මෙම පදනමේ කවරකුගෙන්වත් අවසරයක් ලබාගෙන නොමැත.

ඞී.ඒ.රාජපක්ෂ පදනමේ ලේකම් හා හිටපු ජනපතිවරයාගේ මස්සිනා කෙනකු වන ආචාර්ය ලලිත් චන්ද්‍රදාස මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය හමුවේ පවසා තිබෙන්නේ මෙවන් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසරය ලබා නොදුන් බවය.මේ සදහා පදනමේ අරමුදල් භාවිතා වීමක්ද සිදුනොවුනු බව ඔහු කියා ඇත.ඞී.ඒ.රාජපක්ෂ පදනමේ සභාපති හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද චන්ද්‍රදාසගේ ප‍්‍රකාශය සහතික කරමින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා කිසිදු අවසරයක් ලබානොදුන් බව කියා තිබේ.

සීඑස්එන් ගොඩනැගිල්ල ඉදිකිරීමට හා එහි මෙහෙයුම් කටයුතු සදහා යොදාගත් මුදල් මුදල් විශුද්ධිකිරීමේ පණත උල්ලංඝණය වන අයුරින් යොදාගෙන ඇතිදැයි සොයාබැලීම මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ අභිප‍්‍රායයි.

අයථා ලෙස උපයාගත් මුදල් මෙම කටයුතු වලට යොදාගෙන ඇතැයි අනාවරණය වුවහොත් දේපළ වල වටිනාකමට වඩා නොඅඩු,එම වටිනාකමට වඩා තුන්ගුණයකට නොවැඩි දඩ මුදලක් ගෙවීමට හෝ වසර පහක සිට වසර 20 ක් දක්වා වන සිර දඩුවමකට යටත් වීමටද එසේත් නැතිනම් දඩ මුදලක් හෝ සිර දඩුවමක් යන දෙකටම මුහුණදීමටද වරදකරුවන්ට සිදුවේ.

සීඑස්එන් වෙත ලැබුණු මුදල් ප‍්‍රතිපාදන ලෙස සදහන්ව ඇති ලේඛණ බොහෝමයක් ව්‍යාජ ඒවා බව සනාථ කෙරෙන ප‍්‍රබල සාක්කි හමුව ඇතැයි මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය පවසයි.මෙම මුදල් ප‍්‍රතිපාදන බොහෝමයක් ලැබී ඇත්තේ සිංගප්පූරුවෙන්ය.ලේඛණ වල තිබුණද සැබෑවටම මෙවන් ගනුදෙනු සිදුව නොමැති බව සඳහන්ය.යෝෂිත රාජපක්ෂට මුදල් විශුද්ධිකරණයේ යෙදුණේයැයිද,මහජන දේපළ පණත උල්ලංඝණය වන අයුරින් කටයුතු කර ඇතැයිද,රේගු ප‍්‍රඥප්තිය උල්ලංඝණය කර ඇතැයිද,වංචනික ගනුදෙනු වල යෙදී ඇතැයිද චෝදනා නැගී ඇත්තේ මේ නිසාය.රොශාන් වැලිවිට,කෞෂාන් දිසානායක,රවිනාත් ප‍්‍රනාන්දු,නිශාන්ත රණතුංග යන සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනුයේ මෙම කටයුතු සදහා යෝෂිතට ආධාර අනුබල ලබාදුන් බවට නැගී තිබෙන චෝදනාව මතය.සීඑස්එන් නාළිකා කලමණාකාරවරිය ලෙස කටයුතු කළ යසාරා අබේනායක අත්අඩංගුවට ගැනීමටද මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය සැළසුම් කර ඇත.ඇය මේ වන විට සිටිනුයේ විදේශයකය.

ප‍්‍රධානම ගැටලූව පැන නැගී ඇත්තේ සීඑස්එන් එක්රැුස්කරගෙන සිට ඇති මූලික ප‍්‍රාග්ධනය අරබයාය.එහි වටිනාකම රුපියල් 234 275 000 කි.යෝෂිත රාජපක්ෂ ලබාදී ඇති ප‍්‍රකාශයට අනුව මෙම මුදල ලබාගෙන තිබෙන්නේ හිටපු විදේශ කටයුතු අධීක්ෂණ ඇමති සජින් වාස් ගුණවර්ධන මහතාට අයත්ව තිබූ සමාගම් දෙකක් මාර්ගයෙන්ය.කොස්මොස් පි‍්‍රන්ටින්ග් හා කොස්මොස් ටෙක්නොලොජි නම් වන මෙම සමාගම් දෙක රුපියල් ලක්ෂ 500 බැගින් රුපියල් ලක්ෂ 1000 ක් ලබාදී ඇති බව සදහන් විය.නමුත් සජින් වාස් ගුණවර්ධන මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට ලබාදී ඇති ප‍්‍රකාශයේ තමන් එසේ මුදල් ලබා නොදුන් බවත් එවැනි ගනුදෙනුවක් සිදුව ඇතැයි නොදන්නා බවත් සදහන් කර ඇත.ඔහු සීඑස්එන් හි කොටස්කරුවකු නොවන බවද ගුණවර්ධන අවධාරණය කර තිබේ.ඩබ්ලියු.ඞී.එන්.එච්.පෙරේරා නැමැත්තෙක් තවත් ලක්ෂ 520 ක් ලබාදුන් බවද සඳහන් විය.නමුත් පෙරේරා මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට ලබාදී ඇති ප‍්‍රකාශයේ තමන් එවැනි මුදලක් ලබානොදුන් බව කියා ඇත.

චෙස්මි කොන්සොලිඬේටඞ් හා එල් ඕඑල්සී යන සමාගම් සීඑස්එන් පිහිටුවීමට මුදල් ලබාදුන් බව සහතික කරගැනීමට හැකිව ඇත.නමුත් මෙම මුදල් ලබාදී ඇත්තේ ණයක් ලෙසද එසේත් නැතිනම් මුදල් ආධාර ලෙසද යන්න පැහැදිලි නැත.

යෝෂිත රාජපක්ෂ හා වෙනත් සීඑස්එන් ප‍්‍රධානීන් හුවමාරු කරගත් 12750 කට අධික විද්‍යුත් ලිපි ප‍්‍රමාණයක්,කෙටි පණිවුඩ ආදිය මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ පිරික්සුමට ලක් කෙරෙමින් පවතී.ඔහු ඒ සෑම ලිපියකම ආයතනයේ සභාපතිවරයා ලෙස අත්සන් යොදා ඇතත් ඔහු ලංකාවේ සමාගම් පණත ප‍්‍රකාරව ආයතන සභාපතිවරයෙක් ලෙස ලියාපදිංචිව නොමැති බවද අනාවරණය කරගැනීමට හැකිව තිබේ.එසේ නොමැතිව ආයතන ප‍්‍රධානියකු ලෙස පෙනී සිටීම දඩුවම් ලැබිය හැකි වරදකි.මුදල් විශුද්ධිකරණ පණත ප‍්‍රකාරව සීඑස්එන් බැංකු ගිණුමක තිබූ රුපියල් ලක්ෂ 1670 ක මුදලක් ගනුදෙනු සදහා යොදාගැනීම වැළැක්වීමටද මූල්‍ය අපරාධ ඒකකය කටයුතු කර තිබේ.මෙම ගිණුමට මුදල් පැමිණියේ කෙසේදැයි සොයාබැලීමට වැඩිදුර පරීක්ෂණද පැවැත්වේ.

යෝෂිතගේ අත්අඩංගුවට ගැනීමට ඒකාබද්ධ විපක්ෂ ප‍්‍රතිචාර දැක්වූයේ සීනිගම දේවාලයේ පොල් ගැසීමෙන්ය. ‘දෙයියන්ගේ නාමයෙන් පිට වෙලා යනව’ ලෙස මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට එරෙහිව ඔවුහු පොල් ගැසූහ.පොල් ගෙඩි ලක්ෂයක් පමණ මෙලෙස බිඳ හෙලූනු බව සංවිධායකයෝ පවසන්නෝය.කෙසේනමුත් පසුගියදා මේ අරබයා ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවූයේ එසේ බිඳ හෙළන්නට ගෙන ආ පොල් ගෙඩි රජයට අයත් පොල් වත්තකින් සොරාගන්නා ලදැයි අනාවරණය වීමත් සමගය.මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය සැළසුම් කර ඇත.ඉහළ ගොස් ඇති ජීවන වියදමට හා ඇමරිකාවේ සහය ඇතිව මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කි‍්‍රයාත්මක වීමට යන යෝජනාවලියට විරෝධය පළකිරීමට රට පුරා විරෝධතා සංවිධානය කිරීමටද ඒකාබද්ධ විපක්ෂය සූදනමින් සිටී.
සංහිදියාව ඇතිකිරීමට අවධානය

යුද අපරාධ චෝදනා විභාග කිරීමට විදෙස් විනිසුරුවරුන්ට අවස්ථාවක නොදෙන බව පසුගිය සතියේ ප‍්‍රසිද්ධියේම සදහන් කිරීම නිසා අන්තර්ජාතික තලයේ මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ජනපති සිරිසේන,අගමැති වික‍්‍රමසිංහ හා විදේශ අමාත්‍ය සමරවීර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව සන්ඬේ ටයිම්ස් වෙත දැනගන්නට ලැබී ඇත.නිදහස් සමරුවේදී අදහස් දැක්වූ ජනපතිවරයා මෙම විදෙස් යෝජනාවලීනට ශී‍්‍රලංකාව මුහුණ දෙන්නේ රටේ ගෞරවය,ජනතාවගේ ගෞරවය හා ආරක්ෂක අංශ වල ගෞරවය ආරක්ෂා කරගැනීමට මිස වෙන කිසිවක් සදහා නොවන බව කියා සිටියේය.

දේශපාලන වාසි තකා ඇතැමුන් මෙම යෝජනාවලිය වැරදි ලෙස ජනතාව අතරට ගෙනයාමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම පැවසුවේය.

අවශ්‍ය සංශෝධන සිදුකරන බවට දෙමළ කණ්ඩායම් හා කොළඹ විදෙස් රාජ්‍යතාන්ති‍්‍රකයින්ට දැනුම්දීමට විදේශ ඇමැතිවරයා කටයුතු කර ඇත.ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මේ දිනවල දිවයිනට පැමිණ සිටින ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් කුමරු හා ජනපති සිරිසේන අතර සාකච්ඡාද පැවැත්වීමට නියමිතය.මහ කොමසාරිස්වරයා එළැඹෙන අගහරුවාදා පැවැත්වීමට සැළසුම් කර ඇති මාධ්‍ය හමුවකදී සාකච්ඡාවට බදුන් වූ කරුණු සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරනු ඇත.

මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලූව කැබිනට් මණ්ඩලයේදීම විසදා ගැනීම නිසා ඉදිරි විමර්ෂණ කටයුතු කරගෙන යෑමට දැන් රජය ඉදිරියේ දැල්වී ඇත්තේ කොළ එළියකි.එකාබද්ධ විපක්ෂය ගැන සඳහනක් කළහොත් ඔවුන් දිගින් දිගටම පොල් ගැසීමේ නිරතවීමෙන් රටේ පොල් හිගයක් ඇතිකිරීමටද පොල් සම්බෝල සීමිත පිරිසකට භුක්ති විදිය හැකි ආහාරයක් බවට පත්කිරීමටද ඔවුන් දායකත්වය දෙනු ඇති බව කිව යුතුය.කෙනෙකු අත්අඩංගුවට ගන්නා වාරයක් පාසා බුද්ධිමත් අයුරින් කටයුතු නොකර ඒ සෑම දෙයකටම දෙවියන් ගාවා ගැනීමට කටයුතු කිරීම ජනතාව හමුවේ තමන්ට ඇති පිළිගැනීම විනාශ වීමට මගපාදන්නක් වනු ඇති බව ඔවුන් වටහාගත යුතුය.

Share on Google Plus