සීනිගම දෙවියන් රැවටීම FCID යට.


සීනිගම දේවාලයේදී ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය කළ පොල් ගැසීම මේ වනවිට දේශපාලන වේදිකාවේ ප‍්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා.

අමාත්‍ය පී හැරිසන් මහතා පවසන්නේ ආණ්ඩුවට එරෙහිව පොල් ගසා ඒකාබද්ධ විපක්‍ෂය මහා පාපකර්මයක් සිදුකර ගත් බවයි. ඒ නිසා ඒකාබද්ධ විපක්‍ෂයට සාප වන බවද ඔහු කියාසිටියා. මෙම පාපකර්මය නිසා ඒකාබද්ධ විපක්‍ෂයට ලැබෙන දඬුවම් පිළිබදවද අමාත්‍ය පී හැරිසන් මහතා මෙහිදී ඉගි පළ කළා.

"යම රජ්ජුරුවන්ගෙ අපායට ගියත් මේ අයට දෙන්න දඬුවම් නෑ. එ් නිසා දෙමුහුන් අපායකට තමයි යන්න වෙන්නෙ. ඒ දෙමුහුන් අපායෙදි මේ අයව උල තියන කමන් ලෝදිය පොවනවා. එහෙම දඬුවම් තමයි දෙන්න වෙන්නෙ."

අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදි සඳහන් වුනේ හොර පොල් ගහන අයට දෙයියන්ගේම පිහිට බවයි.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ ඒකාබද්ධ විපක්‍ෂය දෙවියන්ද රවටමින් කළ පොල් ගැසීම සුළුකොට තැකිය නොහැකි බවයි. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකළ යුතු බව එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා කියාසිටියා.


Share on Google Plus