අලුත් පක්ෂයට නොයන 'ඒකාබද්ධ විපක්ෂ‍යේ' මන්ත්‍රීවරු මෙන්න.


අලුතින් පිහිටුවා ගන්නා බව පවසන  පක්ෂයට ඒකාබද්ධ විපක්ෂ‍යේ නිදහස් පක්ෂ‍ මන්ත්‍රීවරු එකොළහක්  නොයන බව  දැනුම්දී ඇතැයි  අමාත්‍ය  ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා.

ඔවුන් ආණ්ඩු පක්ෂයට හෝ නව පක්ෂයට ‍නොයන බව මෙන්ම  පාර්ලි‍මේන්තු‍වේ දී ස්වාධීනව කටයුතු කරන බව  දැනුම්දී ඇති බව සරත් අමුණුගම මහතා ඊ‍යේ (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

"මහින්ද රාජපක්ෂ මහතා අලුත් පක්ෂයක් හදනවා කියලා ආරංවියක් තියෙනවා. ඒ ගැන කියන්න අපි දන්නෙ නෑ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 11 දෙනකු ආණ්ඩුවට හෝ අලුත් පක්ෂට යන්නෙ නෑ කියලා අපට කියලා තියෙනවා.සන්ධානයේ සමහරු උදේට පොහොට්ටුවෙන් හවසට අලියගෙන් දේශපාලන සාකච්ඡා කරනවා"යැයි  අමාත්‍යවරයා එහිදී කියා සිටියා.


Share on Google Plus