කන්‍යාභාවය රැකගත්තොත් ශිෂ්‍යත්වයක්.


දකුණු අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශයක සිසුවියන් සිය කන්‍යාභාවය රැකගෙන සිටියොත් එරට සංවිධානයක් විසින් සුවිශේෂී ශිෂ්‍යත්වයක් ලබාදීමේ වැඩසටහනක් පිළිබඳව වාර්තා වනවා. 

මෙම ශිෂ්‍යත්ව ක්‍රමය හදුන්වා දී තිබෙන්නේ තුකෙලා හී නගරාධිපති ඩූඩූ මසිබුකෝ විසින්. ඇය පවසන්නේ මෙම ශිෂ්‍යත්වය ත්‍යාගයක් නොව ගැහැණු දරුවෙකුගේ ජීවිතයට ආලෝකයක් බවයි.

මෙහි වයස් සීමාව ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 16ට අඩු සහ 12ට වැඩි අයයි. මෙම සංගමය විසින් ශිෂ්‍යත්ව 100ක් ලබා දෙන අතර මේ වන විට ඉන් 116ක් පිරිනමා තිබෙන බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළ එරට මානව හිමිකම් කණ්ඩායම් හෙළා දකින අතර මානව හිමිකම් සංගමය පවසන්නේ එම සිසුවියන්ගේ ආත්ම ගෞරවයට මෙයින් පහරක් සිදු වන බවයි. 

එම සිසුවියන්ගේ කන්‍යාභාවය පිරික්සීම සිදු කරන්නේද විශාමලත් සාත්තු සේවිකාවන් විසින් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.


Share on Google Plus