කරුට මරණ තර්ජන : ඩලස් කළබලවේ.


ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි බලකරන පිරිසකගෙන් තමන්ට මරණීය තර්ජන එල්ල වූ බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කථානායකවරයා කියා සිටියේ තමන් කිසිසේත් මරණයට බය පුද්ගලයෙකු නොවන බවයි.

තමාට මරණ තර්ජනය කළද පාර්ලිමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ට එසේ තර්ජනය කිරීම් සිදුනොකර ලෙසද කථානායකවරයා එහිදී ඉල්ලා සිටියේය.

කථානායකවරයා ගේ අදාළ ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා නැගිසිටිමින් කියා සිටියේ කතානායකවරයාට එවැනි තර්ජනයක් සිදුකර ඇත්නම් ඒ පිළිබඳ විධිමත් පරික්ෂණයක් සිදුකොට අදාළ පුද්ගලයා සොය ගත යුතු බවයි.

ඒසේ නොවන්නේ නම් එවැනි අපවාද තමන්ගේ පිටට එන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share on Google Plus