හොර පොල් ගැසීමට ගිය දිනේෂ්ගේ පසුම්බියටත් විදලා.



පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට එරෙහිව සීනිගම දේවාලයේ පොල් ගැසීමට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ, මාධ්‍යවේදියෙකුගේ ඇතුළු කිහිප දෙනෙකුගේ මුදල් පසුම්බි සොරා ගෙන තිබේ.

කෙසේ වෙතත් අවන්හලක් අසළ තිබී දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා තවත් දෙදෙනෙකුගේ හිස් මුදල් පසුම්බි සොයාගෙන තිබේ.


බුද්ධි අංශ පවසනුයේ පොල් ගැසීමට 1100 ක් පමණ දෙනා පැමිණෙන්නට ඇති බවයි.

කෙසේ නමුත් උඩුගම නාගොඩ රජයේ වත්තකින් හොරෙන් පොල් කැඩී යැයි සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප ලබා දී තිබේ.

සීනිගම දේවාලයේ පොල් ගැසීමට මෙම පොල් කඩන්නට ඇති බවටයි විවිධ වාර්තා පළ වුණේ.

Share on Google Plus