ඒකාබද්ධ විපක්ෂයක් බෑ.



ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින කිසිම මන්ත්‍රීවරයකුට ස්‌වාධීනව වෙනම කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කිරීමේ නීත්‍යනුකූල අයිතියක්‌ නැතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (10 දා) පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තීරණ ගන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව බවත්, මධ්‍යම කාරක සභාව ගන්නා හැම තීන්දුවක්‌ම ගැනීමට පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව මන්ත්‍රීවරුන් නීතියෙන්ම බැඳී සිටින බවත් කීය.

ජාතික ආණ්‌ඩුවට හවුල් නොවූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් පිරිසකට විපක්‍ෂයේ වාඩිවීමට ඉඩ දුන්නත් ඔවුන්ට වෙනම කණ්‌ඩායමක්‌ ලෙස ස්‌වාධීනව කටයුතු කිරීමට පක්‍ෂය කිසිම අවසරයක්‌ දී නැති බව ද එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පිළිබඳව තීරණ ගන්නේ සන්ධානයේ සභාපති සහ මහ ලේකම් බව ද හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ගන්නා තීරණ පිළි නොගන්නා කිසිවකු සිටී නම් ඔවුන් පක්‍ෂයෙන් ඉල්ලා අස්‌විය යුතු බව ද මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ජනාධිපතිතුමා විසින් තහවුqරු කර තිබෙනවා. එම නිදහස කවුරු හරි පක්‍ෂය කඩන්න විනාශ කරන්න හදනවා නම් ඒ අයට විරුද්ධව පක්‍ෂය ආරක්‍ෂා කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්‌ ම ගන්නා බව ඇමැතිවරයා පැවැසීය.

Share on Google Plus