CSN නාළිකාවට යොදා ගත් රජයේ දේපල මෙන්න.


CSN රූපවාහිනී නාළිකාවේ විකාශන කටයුතු සඳහා විකාශන කුළුණු සහ ට‍්‍රාන්ස්මීටර් ඇතුළු විද්‍යුත් උපකරණ සවි කිරීමට ගොඩනැඟිලි ලබා ගැනීමේදී රාජපක්‍ෂවරුන්ගේ බලපෑම් රැසක් මත නාවික හමුදාවේ, ජාතික රූපවාහිනියේ, ගුවන් විදුලි සංස්ථාවේ සහ ස්වාධීන රූපවාහිනියේ සම්පත් යොදාගෙන තිබූ බව අනාවරණය වේ.

පිදුරුතලාගල කන්දේ සිට විකාශන කටයුතු සඳහා මුල දී නාවික හමුදාවේ සන්නිවේදන කුළුණු භාවිත කර ඇති අතර, පසුව එම නාළිකාවටම කුළුණක් ඉදි කරගෙන ඇත. එහෙත්, ට‍්‍රාන්ස්මීටර් ඇතුළු විකාශන විද්‍යුත් උපකරණද දැනට පවා සවි කර තිබෙන්නේ නාවික හමුදා ගොඩනැඟිල්ලේ බව අනාවරණය වේ. සී.එස්.එන්. කුළුණට විදුලිය ලබා ගන්නේද නාවික හමුදාව මඟින් ය.

එම විකාශන කුළුණට කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර නොමැතිව ඒ සඳහා නාවික හමුදා සන්නිවේදන කාර්ය මණ්ඩලයම යොදවාගෙන සිටින බවද අනාවරණ වේ.

තවත් තොරතුරකින් හෙළි වන්නේ දෙනියාය, එනසාල් වත්තේ පිහිටුවා තිබෙන ගුවන් විදුලි සංස්ථා සහ ස්වාධීන රූපවාහිනී විකාශන කුළුණු සහ ගොඩනැඟිලිද භාවිත කර තිබෙන බව ය. ඊට අමතරව මෙහි සවි කර තිබෙන ජාතික රූපවාහිනී සංස්ථාවට අයත් විදුලි ට‍්‍රාන්ස්ෆෝමරයෙන් අවස්ථා ගණනාවකදීම බලහත්කාරයෙන් විදුලිය ලබාගෙන තිබෙන බවද අනාවරණය වේ. 

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය

Share on Google Plus