CSN අධිකරණයටත් කොකා පෙන්නයි.


මුදල් විශුද්ධිකරණ චෝදනාව මත දැනට කෙරීගෙන යන අධිකරණය ක්‍රියාවලිය සැලකිල්ලට නොගෙන කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් ( CSN)  ආයතනය එහි කළමණාකාරණය වෙනසකට භාජනය කර තිබේ.

ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා මාධ්‍යට පවසා තිබුනේ දැනට රෙඩ් එෆ්එම් විකුණා දමා ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදුකරගෙන යන බවයි.

 රාජපක්ෂ ආණ්ඩුවේ පරාජයත් සමගම ආරම්භ වූ අධිකරණය ක්‍රියාවලිය කෙරීගෙන යන අතර වාරයේ කිහිප විටක්  CSN පාලනය යටතේ ඇති  රූපවාහිනී සහ රේඩියෝ වල පරිපාලනය වෙනස් කිරීමට  උත්සාහ කර තිබුනි. CSN  මගින් දැනට CSN රූපවාහිනී නාලිකාවට අමතරව සිංහ එෆ්එම්, රෙඩ් එෆ්එම් සහ ටැමිල් රේඩියෝ පාලනය කරනු ලබයි. 

මේ අතර CSN නාලිකාවේ ප‍්‍රධානීන් අත්අඩංගුවට ගැනීමේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විෂම ආකාරයෙන් කටයුතු කර ඇති බව වාර්තා වේ. එනම් CSN නාලිකාවේ ආරම්භක සාමාජිකයන් වන මේනක ලියනගේ, දිනේෂ් ජයවර්ධන, සාධ්‍යා කරුණාජීව යන අය තවමත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර නැත.

යහපාලන ආණ්ඩුවේ ප්‍රභලයකු මෙම අත්අඩංගුවට නොගැනීම පිටුපස සිටින බව වාර්තා වේ. ආණ්ඩුවේ දේශපාලන හිතවත්කම් මත අත්අඩංගුවට නොගත් පුද්ගලයන් අතරින් දෙදෙනකු දැනට සිටින්නේ විදේශගතවයි.

පසුගිය  ජනවාරි 30 වන දින CSN නාලිකාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වන යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, රබිනාත් ප‍්‍රනාන්දු, කවිශාන් දිසානායක යන අය අත්අඩංගුවට ගනු ලැබීය.

Share on Google Plus