ඇළ දිගේ සංචාරක ප්‍රවර්ධනයට සැලසුමක්.


කොළඹ ඇළ මාර්ග ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්‍රමයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. මෙහිදී බෝට්ටු භාවිත කරමින් ඇළ මාර්ග ඔස්සේ ජලාශ්‍රිත විනෝදාස්වාද ක්‍රියාකාරකම් හඳුන්වා දීම, ඇළවල් ඔස්සේ පාවෙන වෙළඳසැල් වැනි වාණිජ ක්‍රියාකාරකම් හඳුන්වා දීම ඇතුළුව ක්‍රියාකාරකම් රැසක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

මේ පිළිබඳ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

දිගින් කිලෝමීටර 43 ක් වන කොළඹ ඇළ මාර්ග පද්ධතිය වර්තමානයේදී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නඩත්තු කරනු ලබයි. වසර ගණනාවක් තිස්සේ ඵලදායි කාර්යයක් සඳහා භාවිතයට ගෙන නොමැති මෙම ඇළ මාර්ග පද්ධතිය භාණ්ඩ සහ මගීන් ප්‍රවාහන කිරීමේ කාර්යය සඳහා යොදාගැනීමෙන් රථවාහන තදබදය අවම කර ගැනීමටත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමටත් හැකියාව ඇති බව හඳුනා ගෙන ඇති බව රජය ප්‍රකාශ කර සිටී.

Share on Google Plus