බැසිල්ගේ හිතවතියක් ආණ්ඩුවේ බිල්ඩිමක් අල්ලගෙන.


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය විසින් පිහිටුවන ලද පුෂ්පා රාජපක්ෂ පදනම දිවුලපිටිය ඉහළ මඩම්පැල්ල ප්‍රදේශයේ ඉදිකළ පේෂකර්ම ගොඩනැගිල්ල ජානකී අමරසිංහ නැමැත්තියක විසින් අල්ලාගෙන ඇතැයි වාර්තා වේ.

අදාළ තැනැත්තිය බැසිල් හා පුෂ්පාගේ කිට්ටු හිතවතියක් බව පැවසේ.

පුෂ්පා රාජපක්ෂ පදනම විසින් එම පේෂකර්ම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ රාජසිංහ කණිෂ්ඨ විද්‍යාලයට අයත් ඉඩමක බවද වාර්තා වේ.

බැසිල් මහතා අමාත්‍යවරයාව සිටියදී ආයතනයට ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ වියදමින් අකුණු සන්නායක ද සවිකළ බව ප්‍රදේශවාසීහු කියති.

කෙසේවුවද මේවන විට ආණ්ඩුවේ ලේකම්වරයකු විසින් එම ගොඩනැගිල්ල ජනකී නැමැත්තියට බදු පදනම යටතේ ලබාදීමට උත්සාහයක නිරතව සිටින බවද මේ අතර වාර්තා වේ.

Share on Google Plus