මහින්දට එරෙහිව කළුකොඩි.


මල්වානේ වල්ගම, උලහිටිවල ප්‍රදේශයේ ජන හමුවකට ඊයේ (19 වැනිදා) පස්‌වරුවේ පැමිණීමට නියමිතව තිබූ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට විරෝධය පළ කොට කිසියම් කණ්‌ඩායමක්‌ විසින් අලුයම කාලයේ මල්වාන, වල්ගම, මූකලාන හා කරාබුගස්‌හන්දිය යන ප්‍රදේශවල මාර්ග දෙපස කළුකොඩි ඔසවා තිබිණි.

මෙය සැලවූ වහාම පොලිසිය එම කොඩි කපා ඉවත් කොට ප්‍රදේශයේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගත්හ.

Share on Google Plus