8 Man team සංගීතයට ආදරය මුසු කල හැන්දෑව.


ඊඩ්න් උයනේ ළා දම් හැන්දෑව Love U සංදර්ශනය පසුගිය ඉරිදා නෙලුම් පොකුණ එළිමහන් රංග පිඨයේ දී පැවැත්වුණා. 

මේ සංදර්ශනයට ලංකාවේ සංගීත රටාවන් 5ක් නියෝජනය කරන වෙනස් හඩ 5ක් එක්වුණා.

කසුන් කල්හාර, උමාරියා සිංහවංශ, ඉන්ද්‍රචාප ලියනගේ, රූකාන්ත ගුණවර්ධන, නදීක ජයවර්ධන සුසංයෝගය මීට පෙර මෙරට සිදුවී නොමැති තරමේ සංගීත මුහුවීමක්.

5000ක පමණ රසික රසිකාවියන් පිරිසක් එක්කාසුකරගත්තේ කොහොමද කියලා අපි මේ විශ්මිත සංදර්ශනය සංවිධානය කරපු 8 Man team work ආයතනයේ ප්‍රකාශකයෙකු  ඇහුවා.

ඔහු කිව්වේ මේ ප්‍රසංගය තීම් එකක් තිබුණු කන්සෙප්ෂුවල් වැඩක් කියලා.

ඊඩ්න් උයනේ ළා දම් හැන්දෑව කියන ටැග් එකෙන් ඔර්ගනයිස් කරපු මේ ප්‍රසංගයේ හඩ සුසංයෝගය අහන්න තමයි මෙච්චර පිරිසක් ආවේ කියලා 8 Man team work ආයතනයේ ප්‍රකාශකයා කිව්වේ විශේෂයෙන් වෙනස් තැන් කිහිපයක හිටපු මේ පස් දෙනා එක වේදිකාවකට ගොඩ කිරීම ම ජයග්‍රහණයක් කියලයි ඔහුඅපිට කිව්වේ.

කොහොම වුනත් මේ ප්‍රසංගය බලන්නගියපු අපිට නම් හිතුනේ නෙලුම් පොකුණ ඉදිරිපිට පඩිපෙළ මත නිර්මාණය වුණු මේ ප්‍රසංගය පට්ටයි කියලා.

Share on Google Plus