අද හවස 7ට නෙලුම් පොකුණට එන්න.


කිරි මුහුද කළඹන සර පව්ව - මන්දර පව්ව ප්‍රසංගය ශ‍්‍රී ලංකීය සංගීතයේ නවමු ඉසව් යා කරමින් අද (පෙබරවාරි 27 වෙනිදා) සවස 7ට නෙලුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.

තරුණ්‍යයේ සොදුරතම කඩඉමක් වන මන්දර පව්වට  සමන් ලෙනින්, දුමාල් වර්ණකුලසූරිය, ඉන්දික රුවන් (රූනි), රන්ජන් සාලිය, තුසිත් සිම්සන් සහ සූර්යයා එක්වන අතර සංගීතය දර්ශන රුවන් දිසානයකගේ නව සංගීත රටාවලින් වර්ණවත් වේ.

නව නිර්මාණාත්මක සංගීත අවකාශයන්ට වැඩි ඉඩක් සලසමින් කල එලි බහින තරුණ්‍යයේ ජවසම්පන්න ගායන පෞරුෂන් එකම වේදිකාවකට ගෙන ඒම මන්දර පව්ව ප්‍රසංගයේ මුඛ්‍ය අරමුනයි.

ඒ අවස්ථාවට එක්වන්නට අහස මීඩියා වර්ක්ස් ශ්‍රී ලාංකීය රසිකත්වයට ආරාධනා කරයි.

ටිකට්පත් බොරැල්ල සදීපා පොත්හල, සරසවි පොත්හල නුගේගොඩ සහ මහරගම, වනපෙත පොත්හල දෙහිවල, Yamaha Music Centre, Abans Main Showroom Colombo 03, TicketsLK කාර්යාලය සහ වෙබ්අඩවිය සහ එදින දොරටුවෙන්.

මිල : 1000, 2000, 2500, 5000 | වැඩිවිස්තර 0772652550



Share on Google Plus