රාජපක්ෂ ආණ්ඩුවේ ළඟදීම ඇතුලට යන 33 මෙන්න.


රාජපක්ෂ ආණ්ඩුව සමයේ මහජන දේපල අවභාවිතාවේ යෙදවූ සහ වංචා හා දූෂණ චෝදනාවලට ලක් වූ ප්‍රබල හිටපු ඇමතිවරුන් 33 දෙනෙකු ඉදිරි මාස කිහිපය තුළ අධිකරණය හමුවට පමුණුවන බව අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.

එසේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ මහජන දේපල අවභාවිතාවේ යෙදවූ සහ වංචා හා දූෂණ චෝදනාවලට ලක් වූවන් අතර වත්මන් මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිටන බවද වාර්තා වේ.
මේ අතර වාර්තා වාර්තා වන්නේ මෙම පිරිසට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශන වාර්තාවලට අදාළ ලිපි ගොනු නීතිපති තීරණ ලබා ගැනීම සඳහා යොමු කර ඇති නමුත් හිටපු නීතිපතිවරයා හෝ වැඩබලන නීතිපතිවරයා ඊට අදාළ තීරණ ප්‍රකාශ නොකර එම  ලිපි ගොනු ඉවත ලා තිබී ඇති නුමත් නව නීතිපතිවරයා විසින් අදාළ තීරණ නුදුරේදීම ලබා දීමට නියමිත බවය. 

මෙම ලිපිගොනු අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍ය විමල් වීරවංස, ශෂී වීරවංස, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, නාමල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම් චන්ද්‍රසේන ආදී පිරිසකට අදාළ ලිපිගොනු ඇති බවත් ඔවුන්ට ඇති චෝදනාවල බරපතලකම අනුව ඔවුන්ගෙන් බහුතරයක් රක්ෂිත බන්ධනාගාරගත වනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.



Share on Google Plus