2016 පළාත් පාලන මැතිවරණය නෑ - රනිල්.


පළාත් පාලන මැතිවරණය මේ වසරේදී පැවැත්වීමට නොහැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත. පසුගිය 3 වැනිදා පැවැති කැබිනට් රැස්වීම අවසන් වූ පසු එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹීම නිසා පක්‍ෂයක් වශයෙන් ගන්නා පියවර කුමක්දැයි එ.ජා.ප. අමාත්‍යවරුන් එහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා තිබේ. ඊට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පවසා ඇති අතර ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ කිසිදු දෙයකට බිය නොවී සුපුරුදු පරිදි දේශපාලන කටයුතුවල නිරත වන ලෙසත් සංවර්ධන කටයුතු සඳහා අදාළ මූල්‍යමය ප්‍රතිපාදන සියලුම මන්ත්‍රිවරුන්ට නොඅඩුව ලබා දීමට තමන් ඉදිරි දින කිහිපය ඇතුළත කටයුතු කරන බවත්ය.

Share on Google Plus