තාජුඩීන් ඝාතනය ගැන 16කගෙන් ප්‍රශ්න කරලා.


ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළව තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බවත් මේ වනවිට සාක්ෂිකරුවෙන් 16 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් රජයේ නීතීඥවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද (25) පවසා තිබේ. 

සිදුකෙරෙන පරීක්ෂණවලදී සොයාගත් සී.සී.ටී.වී දර්ශන විදේශ රටකට යවා පරීක්ෂණ සිදුකිරීමේදී ප්‍රමාදයක් සිදුව ඇති බවට මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වී ඇතත් අදාළ දර්ශන විදෙස් රටවලට යැවීමේ කටයුතු විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජාත්‍යන්තර පොලීසිය හරහා සිදුකළ යුතු බැවින් ඒ සඳහා යම් කිසි කාලයක් ගත විය හැකි බවත් එම නිසා එම මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

Share on Google Plus