යෝෂිත නිදි වර්ජිතව බන්ධනාගාරයේ.


සී.එස්.එන්. නාලිකාවේ මූල්‍ය අපරාධ චෝදනා යටතේ පොලිස් මූළ්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකු කඩුවෙල ප්‍ර‍ධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (30) සන්ධ්‍යාවේ දින 14ට රිමාන්ඩ් කරන ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ, සී එස් එන් නාලිකා ප‍්‍රධානී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක රොහාන් වැලිවිට, සී එස් එන් ප‍්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග, එම නාලිකාවේ අධ්‍යක්ෂවරුන් වන කවිෂාන් දිසානායක සහ රබිනාත් ප්‍රනාන්දු යන අයවලුන් එසේ රිමාන්ඩ් කරනු ලැබීය.

බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළේ ඊයේ රාතී‍්‍ර අටට පමණ දැඩි පොලිස් රැකවල් යටතේ බන්ධනාගාර බස් රථයකින් ඔවුන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ බවත් සැකකරුවන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජේ වාට්ටුවේ රඳවා ඇති බවත් ය.

එසේම යෝෂිත රාජපක්‍ෂ මහතා අද (31) අලුයම දක්වා වැඩි වේලාවක් නිදිවර්ජිතව ගත කර ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග අනාවරණ කරයි.

Share on Google Plus