යෝෂිත රාජපක්ෂ හමුදා අධිකරණයට.


ශ්‍රී ලංකා නාවික හමුදා නිළධාරියෙකු ලෙස කටයුතු කරන යෝෂිත රාජපක්ෂ මහතා හමුදා අධිකරණය වෙත පැමිණවීමට යන බව වාර්තා වේ. ඒ පසුගිය පාලන සමයේදී ඔහු සිදුකළ නාවික හමුදා නීතියට පටහැනිව, පෞද්ගලික කාර්යයන් සඳහා සිය නාවික හමුදා නිළය භාවිතා කිරීම සම්බන්ධයෙනි.

යෝෂිත රාජපක්ෂ හමුදා නිළය දරමින් පෞද්ගලික සමාගමක සභාපති ධූරය දැරීම හමුදා අධිකරණය හමුවට පැමිණවීම සඳහා එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වේ. ඔහු කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එය හමුදා නීතියට පටහැනි බව නීතිවේදීන්ගේ අදහසයි.

මීට අමතරව යෝෂිත රාජපක්ෂ පසුගිය කාලයේදී විදේශ සංචාර විශාල ප්‍රමාණයක නිරත වී ඇති අතර එම කිසිදු විදේශ සංචාරයක් සඳහා තමා සේවය කරන නාවික හමුදාවෙන් ලිඛිත අවසරය ලබාගෙන නොමැත. ඔහු හමුදා අධිකරණය වෙත පැමිණවීමේ අනෙක් චෝදනාව මෙයයි. නාවික හමුදාපතිවරයෙකුට පවා මෙවැනි විශේෂ වරප්‍රසාදයක් නොලැබිණි. එවැනි ඉහළ නිළධාරීන් පවා ලිඛිත අවසරයකින් තොරව විදේශ සංචාරවල නිරත නොවූ වකවානුවක යෝෂිත රාජපක්ෂ වාර 30 කට ආසන්න ප්‍රමාණයක් කිසිදු ලිඛිත අවසරයකින් තොරව විදෙස්ගත වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය. 

හමුදා අධිකරණයේදී මෙම කරුණු ඔප්පු වුවහොත් යෝෂිත රාජපක්ෂට දඬුවම් හිමිවීමට නියමිත බව වාර්තා වේ.

Share on Google Plus