යහපාලනය තහවුරු වෙන හැටි අගමැති කියයි.


නව ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව යහපාලනය තවදුරටත් තහවුරු වනු ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. 

"හෙට අපි පාර්ලිමේන්තුවේ රැස්වෙලා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හැටියට ව්‍යවස්ථාවක් සකස් කරන්න එකතු වෙනවා. අන්න එතනින් තමයි මේ යහපාලනය තහවුරු වෙන්නේ. එහෙනම් හෙට පටන් ගන්න වැඩසටහනෙන් ඔබේ බලාපොරොත්තු ඉටුවෙන, අලුත් පාලන ක්‍රමයක්, දේශපාලනය නැතුව,රටේ ජනතාවට සෙතක් වෙන, දේශපාලඥයන්ගේ නෙමෙයි ජනතාවගේ වැඩකටයුතු කරන්න පුළුවන් පාළන ක්‍රමයකට මුල පුරන්නයි අපි බලාපොරොත්තු වන්නේ".

අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජනාධිපති ධුරයේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ජාතික උත්සවයේදීයි. 


Share on Google Plus