නදීෂාගේ සිල්බිඳ ගත්ත වීඩියෝව ගැන හෙළිදරව්වක්. (Video)



නදීෂාගේ දෙතොල් සිප ගන්නා වීඩියෝව හදලා මාර්කටින් ගේමක් ගැසූ ඉරාජ්ට රන්ජන් සාලිය දෙහි කපයි.

  • 'මම සිල්බිඳ ගත්තේ' ගීතයට මේ දවස්වල ප්‍රතිචාර ජයයි නේද?

මේ ගීතය පටිගත කළේ 2012දී විතර. ඒ දවස්වල ගීතය රේඩියෝ නාළිකාවල ප්‍රචාරය වුණා. ගීතය Chart Show වල පළමුවැනි තැනටත් ආවා. මේ දවස්වලත් ගීතයට ප්‍රතිචාර ලැබෙනවා.


  • හැබැයි මේ දවස්වල ප්‍රතිචාර ලැබෙන්නේ ගීතයට වඩා ගීතයේ වීඩියෝවට කිව්වොත් එකඟද?

වීඩියෝවට තමයි මේ දවස්වල ප්‍රතිචාර ලැබෙන්නේ. ගීතයට තිබිය යුතු නිසි තැන තාම තියෙනවා. හැබැයි වීඩියෝ එකෙන් ඒ තැන අභිභවා ගිහින් තියෙනවා. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 30ක් වෙනවා. මේ වගේ දෙයකට මම සම්බන්ධ වෙලා නැහැ.


  • වීඩියෝවට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටක් නැද්ද?

මේ ගීතයට මේ වගේ විෂුවල් එකක් කරයි කියලා මම හිතුවේ නැහැ. Youtube එකේ ලක්ෂ දහයකට වඩා බලවන්නයි එයාලට ඕනි වුණේ. ඒත් ඒ ප්‍රමාණයටත් වඩා පිරිසක් වීඩියෝව බලලා තියෙනවා. හොඳ විෂුවල් එකක් කළා නම් ඔච්චර ඉක්මනින් මිනිස්සු වීඩියෝව නොබලයි. හැබැයි රටට දෙයක් වෙයි. මට ඔය විදියේ දේවල් කරන්න ඕනෑ නම් ඊට කලින්ම රැල්ලට කරන්න තිබ්බා. එහෙම කළා නම් මං මීටත් වඩා හොඳ තැනක ඉන්නත් තිබ්බා.


  • මේ වගේ වීඩියෝවක් කරපු එක ගැන අහිතකින්ද ඉන්නේ?

ඇත්තටම ඔව්. සින්දුවට සම්බන්ධ අනෙක් පාර්ශ්ව ඕක ගැන උඩ දාගෙන කතා කළාට මට ඒ ගැන සතුටක්වත්, පැහැදීමක්වත් නෑ. තියෙන්නෙ කලකිරීමක්.


  • ඔය කියන්න හදන්නේ රන්ජන් ගීතයේ වීඩියෝව ගැන හාංකාවිසියක්වත් දැනගෙන හිටියේ නෑ කියලද?

ගීතය කරලා අවුරුදු තුනක් විතර වෙනවා. වීඩියෝවක් කරමු කරමු කියලා හිටියේ. දවස් දහයකට විතර උඩදි ඉරාජ් කතා කරලා විෂුවල් එකට සෙට් වෙන්න කියලා කතා කළා. ඒත් වෙන වැඩක් වැටිච්ච නිසා මට යන්න බැරිවුණා. ඒකට යන්න බැරිවුණු එක ගැන මම සතුටු වෙනවා. මොකද එදා මම ගියා නම් මම ඉන්න කොටසක් හරි සමහර විට ඒකට සම්බන්ධ කරන්න ඉඩ තිබ්බා.


  • ඇයි ඔය තරමට වීඩියෝවට විරුද්ධ වෙන්නේ?

මේක ලස්සන සින්දුවක්. ඔය මට්ටමේ විෂුවල් එකකට නොගිහින් ගීතයේ අර්ථයට ගැළපෙන විදියට දෙයක් කරන්න තිබ්බා. මෙතැන කලාවට වඩා වෙනම දෙයක් ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඇත්තටම මේක කැත වැඩක්.


  • මෙහෙම දෙයක් කළේ ඇයි කියලා ඉරාජ්ගෙන් ඇහුවද?

මම ඉරාජ්ට මේ ගැන කතා කළේ නැහැ. ඇත්තටම ඉරාජ් කරන ගීතත් එක්ක මේ ගීතය හොඳ තැනක තිබ්බ ගීතයක් නිසා තමයි මම මේ ගීතයට සම්බන්ධ වුණෙත්. මේ වගේ ගීතයක් කරපු එක ගැන මම ඉරාජ්ව අගය කළා. ඒත් මෙහෙම දෙයක් ගීතයට කරයි කියලා හිතුවෙ නෑ.


  • දැන් ඉරාජ් එක්ක තරහෙන්ද ඉන්නේ?

තරහක් නැහැ. හැබැයි කරපු වැඩේ ගැන වේදනයි. ඉරාජ් එක්ක මම කතා කරනවා. ඒත් ආයෙත් ඉරාජ් එක්ක ගීත කරන්නේ නැහැ. මොකද ඉරාජ් ගැහුවේ මාකටින් ගේමක්. එයා ගැන මිසක් අපි ගැන හිතුවේ නෑ.


  • වීඩියෝව නිසා රන්ජන්ට ලොකු හානියක් වුණාද?

නොදැනුවත්ව මට හානියක් වෙලා ඇති. ඒත් මම වරදක් කළේ නෑ. ඒ නිසා මම කලබල වෙන්නේ නැහැ. මම මගේ ගමන හිමින්, වැදගත් විදියට යනවා. මට වැඩ කරන්න හොඳ නිර්මාණකරුවෝ පිරිසක් ඉන්නවා. ඔවුන් එක්ක මට වැඩ කරන්න පුළුවන්.


  • වීඩියෝව මාකටින් ගේමක් නම් ඒකෙන් කොටසක් ඉරාජ් රන්ජන්ටත් දෙයි නේද?

ඉරාජ් මට කොටසක් දෙයි කියලා මම හිතන්නේ නැහැ. දුන්නත් මට එපා. මම ගන්නෙත් නැහැ.


  • ඇයි ඒ?

එහෙම සල්ලි මට ඕනේ නැහැ. නැති බැරිකම් තිබ්බත් මට එපා. එයා ලොකු අසාධාරණයක් සින්දුවට කළේ.


  • ඔය ප්‍රතිපත්ති හැමදාම රකින්න පුළුවන්ද?

මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 30ක් වෙනවා. ඔය විදියට හම්බ කරනවා නම් මට ඕනෑ තරම් එහෙම කරන්න තිබ්බා. මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. හැබැයි ඔය විදියට නිර්මාණ කරලා ගන්න සල්ලිවල මට වටිනාකමක් නැහැ. මට ඕනෑ මම ගායනා කරන ගීතය රසවත් කරලා හොඳ නිර්මාණ කරන්න. මට ප්‍රේක්ෂකයො අනාථ කරලා සල්ලි හම්බ කරන්න වුවමනාවක් නැහැ.


  • දැන් රන්ජන්ගේ අනෙක් නිර්මාණ කටයුතු ගැනත් කතා කරමුකෝ?

තානාපතිලාගේ ගෙදර චිත්‍රපටයේ හා සක්වා චිත්‍රපටයේ ගීත ගායනා කළා. ඒ වගේම සමන් ලෙනින්, දුමාල් වර්ණකුලසූරිය, ඉන්දික රැනි, තුසිත් සින්කන්, සූර්යා දයාරුවන්, දර්ශන රුවන් සහ මම එකතුවෙලා මන්දර පව්ව කියන ප්‍රසංගය පෙබරවාරි 27 නෙළුම් පොකුණේදී පවත්වන්න මේ දවස්වල ඒ සඳහා සූදානම් වෙනවා.

-තිළිණි කෞශල්‍යා විජේසිංහ


මන්දර පව්ව - කිරි මුහුද කළඹන සර පව්ව
මන්දර පව්ව - කිරි මුහුද කළඹන සර පව්වSaturday, February 27at 7:00 PM@Nelum Pokuna - Mahinda Rajapaksa Theatre
Posted by Ahasa Media Works on Friday, January 22, 2016

Share on Google Plus