එජාපයේ ජය අනිවාර්ය විය යුතුයි.


ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව එජාප ජාතික නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සියලු ආසන සංවිධායකයන් කොළඹට කැඳවා උපදෙස් ලබා තිබේ. බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ එක් පැත්තකින් රට තුළ යහපාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන ආණ්ඩුවක් පවතින අතරතුර, අනෙක් පසින් පළාත් පාලන ආයතනවල බලය එක්සත් ජාතික පක්ෂය ලබාගත යුතු බවයි. ඒ සඳහා ආසන සංවිධායකයන් අනිවාර්යයෙන්ම ඡන්ද කොට්ඨාස මට්ටමින් කැපවිය යුතු බවද අගමැතිවරයා කියා තිබේ.

මෙම සැසි වාරයට සහභාගි වූ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක, හෝමාගම ආසන සංවිධායක මංජු ශ්‍රී  අරංගල මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව දැනට ආරම්භ කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කරන්නැයි අගමැතිවරයා එහිදී උපදෙස් ලබාදුන් බවයි.එක්සත් ජාතික පක්ෂයට කිසිදු බලයක් නොමැති පරිසරයක පක්ෂයේ මතවාදය ශක්තිමත් කිරීමෙන් පමණක් මන්ත්‍රීවරුන් 106 දෙනෙකුගේ ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වූ බැවින් මේ මොහොතේ ඊට වැඩි ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාව ඇතැයි වික්‍රමසිංහ මහතා පෙන්වාදුන් බවද අරංගල මහතා කීය.ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමේ වගකීම සියලු ආසන සංවිධායකවරුන්ට පැවරූ බවද ඔහු කීය.


Share on Google Plus