කළු කොඩි නිසා ඒකාබද්ධ විපක්ෂයේ මතගැටුම්.


ආණ්ඩුවට එරෙහිව කැඳවා ඇති කළු කොඩි විරෝ්ධය නිසා ඒකාබද්ධ විපක්ෂයේ මතගැටුම් ඇතිවී තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේම ඇතැම් මහජන නියෝජිතයන් මෙම කළු කොඩි විරෝ්ධයට අකමැත්ත ප‍්‍රකාශ කරන බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙලගැස්වීමට තවමත් ඉක්මන් වැඩි බවද මුලින් කළ යුත්තේ ආණ්ඩුවේ වැරදි නිසා ජනතාවට සිදුවෙන පීඩා වැලැක්වීම බවද ඔවුන්ගේ අදහස වී තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුවට එරෙහිව කළු කොඩි ඔසවන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටියත් එහි ඇතැම් මහජන නියෝජියන් හෝ සිය නිවෙස්වල කාර්යාලවල හෝ වාහනවල කළු කොඩි ඔසවා නොමැති බවයි නෙත් නිවුස් වැඩිදුරටත් කළ සොයා බැලීමකදී පෙනී ගියේ. 

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ තමන් විසින් කැඳවන ලද කළු කොඩි විරෝධයට බොහෝ පිරිස් සහය දක්වන බවයි.

ඇතැම් අය ෆේස්බුක් ගිණුම්වලින් පවා මෙම විරෝධයට එක්ව සිටින බවද ඔහු කියා සිටියා.  

මේ අතර යහපාලන සතිය තුල ජාතික කොඩිය ඔසවා තබන්නැයි ආණ්ඩුව මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

Share on Google Plus