මාරපනට යලිත් ඇමැති ධුරයක් - තවත් තුනකටත් දෙන ලකුණු.


මෙවර කැබිනට්‌ සංශෝධනයේදී ඩග්ලස්‌ දේවානන්දා, ආරුමුගම් තොණ්‌ඩමන් සහ තිලක්‌ මාරපන යන මන්ත්‍රීවරුන්ට ඇමැති ධුර ලැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

එසේම පසුගිය දිනවල සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූ තිලක්‌ මාරපන මහතාට මෙවර යළිත් ඇමැති ධුරයක්‌ හිමිවීමට නියමිතය. එය බොහෝවිට ඉදිරි ව්‍යවස්‌ථා සංශෝධනයට සෘජු ලෙස බලපාන ඇමැති ධුරයක්‌ බව දැනගන්නට තිබේ.

එසේම ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු තිදෙනකුට රාජ්‍ය ඇමැති ධුරයක්‌ හා නියෝජ්‍ය ඇමැති ධුර හිමිවීමට නියමිතය. ගාල්ල හා බදුල්ල දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනකුට එලෙස ඇමැති ධුර හිමිවීමට නියමිතය.

මේ අතර ප්‍රබල ඇමැතිවරු සිවු දෙනකුගේ පමණ ඇමැති ධුර මෙවර සංශෝධනය කෙරෙන අතර තමන් දැනට දරන තනතුරු වෙනස්‌ කරන්නේ නම් වෙනත් ප්‍රබල ඇමැති ධුර තමන්ට ලබාදිය යුතු බව ඔවුන් විසින් දැනටමත් රජයේ ප්‍රධානීන් වෙත දන්වා තිබේ.

Share on Google Plus