ශෂීගේ සාම්පලයක් ගන්න යයි.



ආගමන විගමන දෙපාර්තමේන්තුවට කූඨ තොරතුරු ඉදිරිපත්කර ව්‍යාජ ගුවන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධියේ නඩුවට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංසගේ අත්අකුරු සාම්පලයක් ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහාතා අද (29) එම නඩුව කැඳවූ අවස්ථාවේ නියෝග කර තිබේ.

සැකකාරියගේ අත්අකුරු සාම්පලයක් රෙජිස්ටාර්වරයා ඉදිරියේදී ලබාගෙන එම ලේඛන සහ විමර්ශනයේදී සොයාගන්නා ලද ලේඛන සංසන්දනයකර බැලීම සඳහා රජයේ සැකකටයුතු ලේඛන පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය එම නියෝගය නිකුත් කරමින් පවසා තිබේ.

වැඩිදුර නඩු විභාගය මාර්තු 18 වනදාට කල්  තබා ඇත.

Share on Google Plus