සූජීවගේ කොකේන් මිතුරන්(?) හා ඉඩම් කොල්ලය.


යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වන සුජීව සේනසිංහ සම්බන්ධයෙන් නොයෙක් පුවත් පසුගිය කාලයේ වාර්තා වූ අතර මේ වනවිට ඔහු සම්බන්ධයෙන් යහපාලනයේ ඇමැතිවරයෙකු වශයෙන් ජනතාව ප්‍රශ්න කිරීමට ලක් කරනු ලබන හැසිරීම් හා ක්‍රියාකාරකම් කිහිපයක් වාර්තා වෙමින් පවතී.

මින් වාර්තාවක් වන්නේ ලංකාවේ තරු පහේ හෝටල් කිහිපයකට කොකේන් බෙදා හරිනු ලබන බානුක නැමැත්තා සමග මොහුගේ වන සම්බන්ධයයි. මේ සම්බන්ධය ගැටළුවක් බවට පත්වූයේ බානුක නැමැත්තා පොලීසිය විසින් හා මත්ද්‍රව්‍ය නිවාරණ අංශය විසින් අත්අඩංගුවට ගැනීම සදහා සොයමින් සිටින තැනැත්තෙකු වීම හේතුවෙනි. 

මත් ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් පසුගියදා මෙම තැනැත්තා රැදී සිටි සෙවන් ඩිග්‍රීස් නැමැති සමාජ ශාලාව වෙත ගොස් ඇති අතර එම නිලධාරීන් ඔහු අල්ලා ගැනීමට ගියත් ඔහු සමග එම ස්ථානයේ සිටි නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ හේතුවෙන් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට නොහැකි වීමෙන් ඔවුන් ආපසු පැමිණ ඇති බවට තොරතුරු වාර්තාවේ.

සුජීව සේනසිංහ නියෝජ්‍යා ඇමැතිවරයාගේ තවත් බලහත්කාරී හා මංකොල් කෑමක ස්වරූපයේ පුවතක් වාර්තා වන්නේ දෙහිවල ප්‍රදේශයෙනි. දෙහිවල අමරසිංහ නැමැති තැනැත්තියට අයත් දේපලක් තර්ජනාත්මකව ඉතා අඩු මුදලකට මිලදී ගැනීමකි. ඇය සතු මෙම ඉඩමේ වටිනාකම මිලියන 75ක් වන නමුත් අදාළ ඉඩමේ වටිනාකම ලක්ෂ 75ක් බව දක්වා තර්ජනය කොට මෙම දේපල තමා වෙත පවරාගෙන ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර සිටී. ඉන් නොනැවතුනු නියෝජ්‍ය ඇමැතිවරයා අදාල ඉඩමට ආසන්නයේ පවතින සංචාරක හෝටලක වැට මායිමද ඉක්මවා තම මායිම් සලකුණු කොට ගැනීමකද නිරතව ඇති බවත් වාර්තාවේ.

යහපාලනය ගැන ඇගපුරා වදන් දොඩනවන මෙම ඇමතිවරයාගේ කටයුතු සම්බන්ධයෙන් මේ වනවිට එක්සත් ජාතික පක්ෂ නායකයාටද පැමිණිලි ලැබී ඇති බවට තොරතුරු වාර්තාවේ.

-theindependent.lk

Share on Google Plus