ඒකාබද්ධ විපක්ෂය ලත්තැනම දෙකඩ වේ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් පක්ෂයෙන් ඉවත්ව නව දේශපාලන පක්ෂයක්  බිහිකිරීමට කටයුතු කළහොත් දැනට මහින්ද රාජපක්ෂ මහතාට  සහය දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ සිටිනා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දසදෙනෙකුට වැඩි පිරිසක් ආණ්ඩුවට සම්බන්ධවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ පළවන  පුවත්පතක් වාර්තා කර තිබෙනවා. 

රටේ වෙනත් දේශපාලන පක්ෂයක් බිහිකළහොත්  එහි වාසිය අත්වන්නේ එක්සත් ජාතික පක්ෂයට බැවින් තමන් මෙම තීරණය ගන්නා බව එම මන්ත්‍රීවරුන් මේ පිළිබඳ පැවැති දේශපාලන සාකච්ඡාවකදී අවධාරණය කර තිබෙන බව එහි සඳහන්. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසරය මත ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරනා මන්ත්‍රීවරුන් සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ශ්‍රීලනිප ‍‍‍ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡා කළ බවත්, එහිදී මෙම එකඟතාවයන්ට එළැඹුන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බි. දිසානායක මහතා එම පුවත්පතට සඳහන් කර තිබෙනවා.


Share on Google Plus